දේශපාලන වේදිකාවලට නැගීමට තමාට මෙතෙක් ආරාධනා කර නොමැති බවත් දැන්ම එවැනි දේ සඳහා සහභාගී වන්න කල් වැඩි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා අද (04) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්ණ පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ තමාට 8 වනදා වේදිකාවට නැගීම සඳහා ආරාධනා මෙතෙක් ලැබී නොමැති බවයි.
එසේම දේශපාලනය පැමිණිමට සුදුසු අවස්ථාවේදී තමා සහභාගී වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.