• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ගේ ආර්ථික පෙරළිය ගැන හිටපු මහබැංකු අධිපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

28 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික‍්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව පසුගිය වසර හතර හමාරක සිදු කළ ලොකුම විප්ලවය වන්නේ ආර්ථික වර්ධන වේගය පහත දැමීමට කටයුතු සැලසීම බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද (28) පොදු ජන පෙරමුණ විසින් කැඳ වු මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ 2010 වසරේ සිට 2014 වසර දක්වා ආර්ථික වර්ධන වේගය 6.8 ක් තිබු බවත් වර්තමානය වෙනකොට වත්මන් ආණ්ඩුව යටතේ 1.5 ක් දක්වා ආර්ථික වර්ධන වේගය පසුබෑමකට ලක්වෙලා තිබෙන බවයි. ආර්ථික විශ්ලේශකයන් ප‍්‍රකාශ කරන්නේ එකයි 1.5 ට වඩා ආර්ථික වර්ධන වේගය අඩු වෙයි කියලා නමුත් රනිල් වික‍්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව පසුගිය වසර හතර හමාරක සිදු කළ ලොකුම විප්ලවය වන්නේ ආර්ථික වර්ධන වේගය පහත දැමීමට කටයුතු සැලසීම බව හෙතෙම පැවසිය.

එම මාධ්‍ය හමුවේදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” 2010 සිට 2014 දක්වා 6.8 ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් තිබුණා මේ වසරේදී 1.5 දක්වා අඩු කරගෙන තිබෙනවා. අපේ රටේ ඒක පුද්ගල ආදායම ඉතාමත් ඉක්මනින් වැඩි වෙමින් පැවතුනා. මම ඉදිරිපත් කරන සියලූ ඉලක්කම් අරගෙන තිබෙන්නේ මහ බැංකු වාර්තා වලින්. මම මහ බැංකු අධිපතිවරයා ව සිටි කාලයෙන් පසුව ඉදිරිපත් වූ වාර්තා මීට අදාළ කරගෙන තිබෙනවා. කවුරු හරි කිව්වොත් මේවා කබ්රාල්ගේ වාර්තා කියලා ඒ චෝදනාව ඉදිරිපත් කරන්න බැරි විදිහට මම අදාළ වාර්තා ලබාගෙන තිබෙනවා. 2005 වසරේ දී ඇමරිකානු ඩොලර් 1242 අපේ රටේ ඒක පුද්ගල ආදායම 2014 වෙනකොට ඇමරිකානු ඩොලර් 3821 ක් දක්වා වැඩි වුණා. ඉතාමත්ම කෙටි කාලයක් තුලදී. වසරකට සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් 287 ක් පමණ වැඩි වෙමින් 2014 දී ඇමරිකානු ඩොලර් 3821 දක්වා වැඩි වුණා. වත්මන් රජය යටතේ ඒක පුද්ගල ආදායම ඉහළ ගිහින් තිබෙන්නේ ඇමරිකානු ඩොලර් 3821 සිට ඇමරිකානු ඩොලර් 4121 දක්වා පමණයි. පෙනී යන්නේ අපේ රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ යාම අපේ රටේ ආර්ථික ප‍්‍රගතිය කොයි තරම් මන්දගාමී කරගෙන තිබෙනවා. එයින් නොනැවතුණු රනිල් වික‍්‍රමසිංහ 2014 වසරේ සියලූ ම බදු ප‍්‍රමාණය රුපියල් බිලියන 1050 දක්වා ඉහල දැමුවා. එය මේ වසර වෙන කොට බිලියන 2077 දක්වා වැඩිකරගෙන තිබෙනවා. ඒ කියන්නේ බදු ප‍්‍රමාණය දෙගුණයක් කර ගෙන තියෙනවා. ඊට සමගාමීව ආදායම දෙගුණ වෙලා තිබෙනවා ද යන්න පිළිබඳව ඔබතුමාලට හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්. මේ වෙනකොට රට දැවැන්ත ණය උගුලක හිර කරලා තියනවා. 2005 දී අපේ රටේ ණය ප‍්‍රමාණය තිබුණේ රුපියල් බිලියන 2222. 2014 වෙනකොට ඒක වැඩි වෙලා තිබුණා රුපියල් බිලියන 7391 දක්වා. දැවැන්ත ණය උගුලක රට හිර කරලා තියෙනවා වගේම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව තිබුණු ණය බර තාවය ඔය කාලේ වෙනකොට සියයට 71.3 ක් දක්වා වැඩිවෙලා තිබුණා. දැන් වර්තමානය වෙන කොට ණය ප‍්‍රමාණය බිලියන 13182 ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. එතකොට ණයබර තාවය සීයට 91.2 ක් දක්වා ඉහළ ගිහින් .අවුරුදු 4ක කාලයක් තුළදී රනිල් වික‍්‍රමසිංහ දැවැන්ත විප්ලවයක් කරලා තියෙන බව පේනවා නේද.

රටේ ණය බර තාවය සියයට හැත්තෑ එකේ සිට සියයට 90 දක්වා ඉහළ දාන්න රනිල් වික‍්‍රමසිංහ ආර්ථිකය සමත් වෙලා. ඒවගේම පොලිය වැඩි කර ගත්තා. අපේ රටේ පොලී ප‍්‍රමාණය 2014දි තිබුණේ රුපියල් බිලියන 436. 2018 වෙනකොට ඒ පොලී ප‍්‍රමාණය බිලියන 852 දක්වා වැඩි වෙලා තිබෙනවා. ආණ්ඩුව බලයට පතවුනේ රටේ ණය බර භාවය අඩු කරනවා කියලයි. එහෙම අඩු කර ගත්ත නම් පොලිය වැඩි වෙන්නෙ කොහොමද. රුපියල අවප‍්‍රමාණය කර ගැනීමත් සමඟම රටේ ණය තොගේ දැවැන්ත ලෙස වැඩි වුණා. අපි එක ඩොලර් එකක් පමණක් ණයක් අරන් තිබුනා නං ඒ ඩොලර් එකේ වටිනාකම 2014 දී රුපියල් එකසිය තිස් එකයි. දැන් වෙනකොට ඩොලර් එකේ විනාකම 181 දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ තත්ත්වය නිසා රටේ ණය ප‍්‍රමාණය පැටව් ගැහුවා. 2013 දී අපේ ණය ප‍්‍රමාණය රුපියලේ අධිප‍්‍රමානය වීම නිසා බිලියන 19 කින් අඩු වුණා. 2014 දී රුපියල ශක්තිමත් වීම නිසා බිලියන අසූනමයකින් අඩුවුණා. 2015දි බිලියන 285 කින් වැඩි වුණා. 2016 දී බිලියන 187 කින් වැඩි වුණා. 2017 දී බිලියන 225 කින් වැඩි වුණා. 2018 වෙනකොට බිලියන 1063 කින් වැඩි වුණා. මේ සෑම ඉලක්කමක් ම මහ බැංකු වාර්තා වල තිබෙන ඉලක්කම් කියලා මම සහතික කරනවා. පසුගිය අවුරුදු හතර තුළදී පමණක් අපේ රටේ ණය බර තාවය බිලියන 1760 කින් වැඩිකර ගත්තා. මේවා රුපියල් මිලියන නෙවෙයි බිලියන. මේ මුදලින් හම්බන්තොට වරාය වගේ තුනක් හදන්න පුළුවන්. මේ වගේ මුදල් ප‍්‍රමාණයකින් අපේ රටේ ණය ප‍්‍රමාණය වැඩි වැඩිකර ගත්තා. අනිත් පැත්තෙන් කිසිම සම්පත් ප‍්‍රමාණයක් අපේ රටට ජාතියට එකතු වුණේ නැහැ. අපි ඒ කාලේ ණය ගන්න කොට ඒ ණය වෙනුවෙන් යමක් රටට එකතු කළා. හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපල එහෙම නැත්තං අධිවේගී මාර්ගයක් රටට එකතු වුණා. මේ තත්ත්වයෙන් පෙනී යන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඉතාමත්ම දැවැන්ත විප්ලවයක් සිදු කළ බවයි.

ආර්ථික සැලැස්මක් නැති නිසා රටේ ණය බිලියන 1060 කින් වැඩි කර ගෙන තිබෙනවා .මේ අවුරුද්දේ ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක් ගෙවන්න තියෙනවා කියලා රජය කියනවා. අපි රුපියල අවප‍්‍රමාණය වෙලා තිබුනේ නැත්නම් ඒ කාලේ අපි තියා ගත්තා වගේ අපිට ඒ සඳහා වෙන් කරන්න සිදු වන්නේ රුපියල් බිලියන 733. දැන් ඩොලර් එක 181ක් නිසා රුපියල් වලින් රුපියල් බිලියන 1013 ඒ සඳහා වෙන් කරන්නට සිදු වෙනවා. වැඩිපුර රුපියල් බිලියන 280ක් මේ සඳහා වෙන් වෙනවා. ඒ වෙන් කරන්න තියෙන මුදල හම්බන්තොට වරායයි නොරොච්චෝලේ බලාගාරය යි කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හදන්න වැයවූ මුදල තමයි ඒ මුදල් ප‍්‍රමාණය. වික‍්‍රමසිංහගේ විප්ලවය නිසා ණය ගෙවීම සඳහා ඒ වගේ සම්පතක් රටට දෙන්න පුළුවන් මුදලක් වෙන් කරන්න සිද්ධවෙලා තියෙනවා.

රටේ පොලී අනුපාතය වැඩි කර ගත්තා. 2014 දී තිබුණු සියලූම බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වල පොලී අනුපාත තිබුනේ තනි ඉලක්කමකින්. මාස තුනක භාණ්ඩාගාර බැඳුම්කර බිල්පතක පොලී අනුපාතය 5.7 දෙකයි. වසර 30ක පොලී අනුපාතය තිබුණේ 9.27. ඒවා තමයි රටේ පැවතුණු පොලී අනුපාත. බැඳුම්කර වංචාව නිසා රටේ පොලී අනුපාතය එක දවසකින් 3% කින් ඉහළ ගියා. එතකොට මේ ආණ්ඩුව කිව්වේ ඒ අනුපාත වැඩි වුණ නිසා අපිට වාසි කියලයි. ඒක රනිල් වික‍්‍රමසිංහත් කිව්වා අර්ජුන මහේන්ද්‍ර නුත් කිව්වා. පාර්ලිමේන්තුවේදීත් මේක කිව්වා. දැන් කෑ ගහ ගහ යනවා මේ පොළී අනුපාත අඩු කර ගන්න ඕනි කියල. එදා හොඳ දේ දැන් අඩු කර ගන්න හදන්නේ ඇයි. 2018 අග වෙනකොට පොලී අනුපාත වැඩි වෙච්චි ප‍්‍රමාණය මම ඉදිරිපත් කරනවා.. සමහර පොලී අනුපාත සියයට 69 කින් හෝ හැත්තෑවක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා.මේ තත්ත්වය ඇතුලේ රටක් ගෙනියන්නේ කොහොමද කියලා ඔබතුමා ලම හිතන්න. පොලී අනුපාත ඉහළ දැමීම බරක් වෙලා තියෙන්නෙ රජයට විතරක් නෙවෙයි. තරුණයෙක් ගෙයක් හදනවා නම් තරුණයෙක් මෝටර් සයිකල් එකක් ගන්නවනම් ඒ හැම දෙයක්ම පොලී අනුපාත ඉහළ යාමත් එක්ක වැඩි වෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර වලට සාපේක්ෂව තමයි සියලූම පොලී අනුපාත වෙනස් වන්නේ. එක පැත්තකින් රජය භාණ්ඩාගාර බිල්පත් වල සහ බැඳුම්කර බැඳුම්කරවල පොලී අනුපාතය වැඩි කර ගත්තම අනිත් සියලූම පොලී අනුපාත වැඩි වෙනවා. දැන් වෙලා තියෙන්නේ අන්න ඒකයි. එකයි මහජනතාව අතේ දැන් සල්ලි නැත්තේ .සමාජයේ සාමාන්‍ය මනුස්සයෙක් ගෙන් ඇහුවම කියන්නේ අතේ සල්ලි නෑ කියලයි. එහෙම වෙන්නේ ඒ මිනිස්සුන්ගේ අතේ සල්ලි පොලී සහ ණය ගෙවලා ඉවරවෙලා නිසයි. යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

.

 

 

Post Views: 3
Previous Post

නිවසක් තුළ නිදන් හැරු 05 ක් අත්අඩංගුවට

Next Post

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන උතුරේ ඉඩම් කඩිනමින් නිදහස් කරන්න – ජනපති

editor

editor

Next Post

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන උතුරේ ඉඩම් කඩිනමින් නිදහස් කරන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved