• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ශ‍්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ තාක්ෂණික පෙරළිය Disrupt Asia ජාත්‍යන්තර වෙළඳපොල තරණය ඇරඹේ

29 August 2019
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ‍්‍රී ලාංකික නව ව්‍යවසායකයන්ට දේශීය වෙළදපොළ අතික‍්‍රමණය කරමින් ජාත්‍යන්තර වෙළදපොළ තුළ ජයග‍්‍රහණ අත්කර දෙන ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම සහ ප‍්‍රමුඛතම නව ව්‍යවසායකයින්ගේ තාක්ෂණික සමුළුව, Disrupt Asia සම්මේලනය මෙවරද විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරනු ලබයි.

මෙරට ව්‍යවසායකයින්ට ව්‍යවසාය ආරම්භ කිරීමේදී තාක්ෂණික කුසලතාවයන් පෙන්නුම් කළ හැකි වුවද එ තුළින් දිගුකාලින තිරසාර සාර්ථකත්වයක් අත් කර ගැනීම අසීරු තත්ත්වයක පැවතිණි. මේ සඳහා විසඳුම් ගෙන එමින් 2016 වසරේදී Disrupt Asia සමුළුව ආරම්භ වූ අතර එමගින් ව්‍යවසායකයන්ට ආයෝජන සහ ජාලකරණ අවස්ථා සඳහා ප‍්‍රවේශයක් ලබා දෙමින් ජාත්‍යන්තර වෙළඳ පොළ හා සම්බන්ධවීමට වේදිකාවක් සකස් කර දෙන ලදී.

2016, 2017 සහ 2018 වසර වලදී පැවැත්වූ අති සාර්ථක Disrupt Asia සමුළු සහ ප‍්‍රදර්ශන තුළින් ව්‍යවසායකයන්හට ජාත්‍යන්තර නවෝත්පාදන ව්‍යවසාය ක්ෂේත්‍රයේ කටයුතු කිරිමේ අවස්ථාව උදාකර දුන්නේය. එහිදී සමුළුවට සහභාගී වූ නව ව්‍යවසායකයින්ට ලෝකය පුරා දක්ෂ, ව්‍යවසාය ක්ශ්‍රේත‍්‍රයේ උද්යෝගිමත් සාර්ථක පරමාදර්ශී පුද්ගලයින් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටද අවස්ථාව හිමිවිය. එසේම ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගනිමින් ව්‍යාපාර ආරම්භය, එය නිර්මාණශීලිව ගොඩනගා ගන්නා අකාරය, මෙන්ම ඊට අදාළ නිවැරදි පුද්ගලයින් සහ සම්පත් හා සබඳතා ගොඩනගා ගැනීමට ඉදිරි පුළුල් දැක්මක් සහිත මුලාරම්භයක් මෙමගින් ලබා දෙනු ලැබිණි.

අනාගත ශ‍්‍රී ලංකාවේ ආර්ථික ශක්තියේ පෙරගමන් කරුවන් ලෙස, ඩිජිටල් ලෝකය සමඟ නව්‍යකරණය වන ව්‍යවසාය ක්ශ්‍රේත‍්‍රයට පිවිසීමට බලාපොරොත්තුවන මෙරට තරුණ ව්‍යවසායකයින්ට මෙම සමුළුව ජාත්‍යන්තර වෙළදපොළ වෙත පුළුල් නව මංපෙත් විවරකර දෙයි. එහිදී ඔවුන්ට ජාත්‍යන්තර ව්‍යවසායකත්ව ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛපෙලේ නායකයින්, ආයෝජකයින්, ව්‍යවසායකත්වපාර්ශවකරුවන් එකිනෙකා මුණගැසෙන නව ව්‍යවසායන් ගොඩනැගෙන සහ ආරම්භකර ඇති ව්‍යවසායන් තිරසාර සාර්ථකත්වයට ඔසවා තබන පාර්ශවයන් රැසක් හඳුනා ගැනීමේ අවස්ථාව උදාවේ. එමගින් ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර දැනුම හා සමගාමීව ශක්තිමත් ව්‍යවසායකයින් වශයෙන් ජාත්‍යන්තර වෙළඳපොල වෙත බියෙන් සැකෙන් තොරව පිය නැගිය හැකි අවස්ථා නිර්මාණය කිරීම Disrupt Asia ප‍්‍රදර්ශනයේ මුලික අරමුණය.

අනාගත තාක්ෂණික ලෝකයට නවෝත්පාදන ළමා නිර්මාණකරුවන් බිහිකරන IgniterSpace ආයතනය පසුගිය වසර වල Disrupt Asia මගින් විශිෂ්ට ප‍්‍රතිලාභ ලැබුවකු ලෙස හඳුන්වා දිය හැකිය.

ඒ පිළිබද අදහස් දක්වන IgniterSpace හි සම-නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජෙහාන් විජේසිංහ මහතා ‘‘Disrupt Asia කියන්නේ ව්‍යවසාය අරම්භකයින් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ප‍්‍රමුඛතම සමුළුව. එමගින් නව ව්‍යවසායකයින්ට තාක්ෂණික වෙළදපොළ හා බැදුනු සහයෝගිතාවයන් සහ අවස්ථාවන් විවෘත කරගැනීමට හැකිවීම විශාල පහසුවක් සහ වාසියක්. IgniterSpace ජාත්‍යන්තර වෙළඳපොළ දක්වා වර්ධනය කිරීමට අපට උදව් කළ පුද්ගලයන් කිහිප දෙනෙකු හමුවීමට මට මෙහිදී හැකි වුනා. 2017 දී අපට එක්සත් ජනපයේ තාක්ෂණික ව්‍යවසායකයෙකු මුණගැසුණා. ඔහු එක්සත් ජනපද තානාපති කාර්යාලයට ප‍්‍රවේශය ලබා දුන් අතර දැන් අපි ඇමරිකානු මධ්‍යස්ථානයේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය සම්බන්ධ සියලූ ප‍්‍රතිපාදන කලමනාකරණය කරනු ලබනවා.’’

එසේම ‘‘පසුගිය වසරේ Disrupt Asia සමුළුවෙදී බංගලාදේශයේ ප‍්‍රමුඛතම ආයෝජන ජාලය වන බීඞී ඒන්ජල්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරී නිර්ජෝර් රහමන් මුණගැසුනා, ඔහුගේ සහයෝගයෙන් ජාත්‍යන්තර වෙළඳපොල තරගකාරීත්වයට එක් වෙමින් අපට බංගලාදේශයේ වෙළඳපොල ජයගන්න අවස්ථාව හිමි වුනා. Disrupt Asia මගින් IgniterSpace අප ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට ලබාගත් අත්දැකීම්, ගොඩනගාගත් ජාත්‍යන්තර සබඳ තාවයන් අනෙකුත් නව තාක්ෂණික ව්‍යවසායකයන්ටත් ලබා ගත හැකි බව මා ඉහළින්ම විශ්වාස කරනවා. මේ තමයි ශ‍්‍රී ලාංකික නව ව්‍යවසායකයින්ට නැගී සිටින්නට තිබෙන හොඳම අවස්ථාව.”

මෙම Disrupt Asia සමුළුවේ සුවිශේෂිත්වය වන්නේ මේ සඳහා පැමිණෙන දෙස් විදෙස් දේශකයන්, උපදේශකයන් ඇතුළු සෙසු සාමාජිකයන් සමඟ නව ව්‍යවසායකයින්ට ජාල ගත වෙමින් සාර්ථකව ව්‍යවසායක සම්බන්ධතා ගොඩ නගා ගැනීමට අවස්ථාව උදා වීමය.

බංගලාදේශයේ බීඞී ඒන්ජල්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරී නිර්ජෝර් රහමන් මේ පිළිබඳව දහස් දක්වමින් මෙසේ පැවසිය. ‘‘Disrupt Asia 2018 සඳහා සහභාගිවීමෙන් ව්‍යවාසායකත්්වය පිලිබඳ මා හටද වෙනස් ම දැක්මක් ඇති වුනා. අසාර්ථකත්වයෙන් උපරිම පාඩම් ඉගෙනගත හැකි ආකාරය සාකච්ඡා කිරීමට දේශීය හා ජාත්‍යන්තර ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක සාමාජිකයෙකු ලෙස මේ සදහා සහභාගී වීමට තරම් මම වාසනාවන්ත වුනා. මට ශ‍්‍රී ලංකාවේ නව ව්‍යවසායකයින් සමඟ මිල කළ නොහැකි සම්බන්ධතා ඇති කර ගැනීමට හැකි වූනා. ඒ වගේම ලංකාවේ ව්‍යවසායකයින් සහ බංග්ලාදේශය අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා විවිධ මාර්ග අනුගමනය කරමින් සිටිනවා. ශ‍්‍රී ලංකාව පිළිබද උනන්දුවක් දක්වන හෝ කලාපීය වශයෙන් ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්ට Disrupt Asia සමුළුව අතපසු නොකළයුතුම අවස්ථාවක් කියල මම හිතනවා.’’

ව්‍යවසායකත්ව ක්ෂේ‍්‍රත‍්‍රයට නවෝත්පාදකයින් ලෙස අලූතින් පිවිසෙන පිරිස් ඉදිරියට ගෙන ඒම සඳහා තාක්ෂණික නවොත්පාදන ක්ෂේ‍්‍රත‍්‍රයේ ඇති අවස්ථාවන් ගවේෂණය කිරීමට ආයෝජකයින්ට Disrupt Asia මගින් මං පාදා දෙයි.

Disrupt Asia 2018 සඳහා ව්‍යාපාර ආයෝජන පිළිබඳ දේශකයෙකු ලෙස සහභාගී වූ Techstars India හි කළමණාකාර අධ්‍යක්ෂ රේ නෙවාල් මහතා මෙසේ පැවසීය. ‘‘Disrupt Asia මගින් ශ‍්‍රී ලංකාවේ අද්විතීය නව ව්‍යවසාය ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමු කළා පමණක් නොවෙයි ශ‍්‍රී ලංකාවේ දක්ෂ හා සාර්ථකත්වය දෙසට ගමන් කරමින් සිටින ආයෝජකයින්ට මෙන්ම පාර්ශවකරුවන්ට Techstars හඳුන්වා දුන්නා. ඒ අනුව Disrupt Asia හි විද්වත් මණ්ඩලයකදී oDoc නිර්මාතෘ හේෂාන් ප‍්‍රනාන්දු සමඟ සම්බන්ධ වීමට ලැබීම විශාල සතුටක්. ඔවුන් තමයි පළමු වරට Techstars accelerator සමඟ අත්වැල් බැඳ ගත් ශ‍්‍රී ලාංකික කණ්ඩායම’’

 

Disrupt Asia සහ ඉන් පසුව ඇති වන අර්ථවත් ජාලකරණය සහ නව සබදතා තුළින් ඒ සඳහා සහභාගීවන්නන්ට ලෝක ව්‍යාප්ත ආයෝජකයින් වෙත ප‍්‍රවේශය ලබා ගත හැකිය. oDoc හි සම-නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී හේෂාන් ප‍්‍රනාන්දු මහතා ඒ පිලිබඳ මෙසේ පවසයි. ‘‘මෙමගින් අපට ඉන්දියාවේ Techstars හි කලමනාකාර අධ්‍යක්ෂ රේ නෙවාල් සමඟ සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වුනා. Techstars බැංගලෝර් වැඩසටහන සඳහා අපව තෝරා ගැනීමට හේතු වූයේ Disrupt Asia සමුළුව. Techstars වැඩසටහන ඉන්දියාව සමග ගනු දෙනු කිරීමට කදිම ප‍්‍රවේශයක්. මෙම සමුළුව අපගේ උපාය මාර්ග වර්ධනය කිරීමට වගේම ඉන්දියානු මෙහෙයුම් ආරම්භ කරන්න සහ වර්ධනය කරගැනීමට අවශ්‍ය සම්බන්ධතා ජාලය සකස්කර දුන්නා.’’

Disrupt Asiaහි පසුගිය වසරේ තරඟකාරී ව්‍යවසාය ආරම්භකයා වූ Park and Pay ප‍්‍රධාන විධායක නිලධාරී මරියා කේඞ් මෙසේ පවසයි. ‘‘අපගේ ව්‍යවසායකත්ව ගමනේ ආරම්භයේදීම ජයග‍්‍රහණයක් ලබමින් එම ගමන් මගේ දැවැන්ත සංදිස්ථානයක් සනිටුහන් කිරීමට ලැබීම විශාල සතුටක්. එහිදී ජාතියක් වශයෙන් නොර්වේහි පැවති Oslo Innovation Week 2018 නියෝජනය කිරීමට ලැබීම ඇතුළු සිත්ගන්නා සුළු අවස්ථාවන් රාශියකට මෙම සමුළුව මගින් ප‍්‍රවේශය ලබා ගන්න හැකි වුනා.’’

මෙම සමුළුව මගින් නොසිතු විරූ අන්දමින් සාර්ථකත්වයන් අත්කර ගත හැකි බවත්, මුල්‍යමය සාර්ථකත්වයන් ඇතුළුව ව්‍යවසාය ආරම්භකරන්නන්ට ක්ෂේත‍්‍ර ගණනාවක සහයෝගිතාවයන් සහ ව්‍යාපාර අවස්ථා ළගා කර ගැනීමට හැකි බවත් Disrupt Asia සංවිධායකයින් වන ICTA ආයතනය සඳහන් කරයි.

මෙවර Disrupt Asia 2019 සමුළුවේදි නව තාක්ෂණ හැරවුම් ලක්ෂයන් මුල් කොට ගනිමින් ව්‍යවසායකත්වය, ව්‍යවසායකත්ව ප‍්‍රතිපත්ති සහ නවෝත්පාදනය පිළිබද සාකච්ඡා කිරීමට නියමිතය.

සමුළුවට සහභාගී වීම සඳහා ටිකට්පත් පිළිබඳ වැඩි විස්තර https://www.facebook.com/disruptasia/ හෝ https://www.disruptasia.today/ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

 

Post Views: 3
Previous Post

දිනන කෙනා සජිත්.. කාටවත් අසාධාරණයක් නෑ – මංගලගේ රෑ සාදයේදී කතා වෙයි

Next Post

2019 මහ කන්නයටත් වන්දි ළඟදීම – ඇමැති හැරිසන්

editor

editor

Next Post

2019 මහ කන්නයටත් වන්දි ළඟදීම - ඇමැති හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved