• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර පැවැත්වෙන මැතිවරණය නිදහස් හා සාධාරණයව පවත්වන බව අගමැති කියයි

20 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණව පවත්වන බවත්, ඊට අදාළ රාමුව රට තුළ ස්ථාපිත කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) අරලියගහ මන්දිරයේ පැවැති දේශපාලන පිළිගැනීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම නිදහස් හා ස්වාධීන මැතිවරණ ජය ගැනීම පිළිබඳව කිසිදු බියක් හෝ සැකයක් නොමැති බව පැවසූ වික්‍රමසිංහ මහතා පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කිරීමට තමන් තවදුරටත් කැප වෙන බව ද පැවසීය.

අවශ්‍ය නම් ඒ සඳහා පවතින ව්‍යවස්ථාවෙන් ඉදිරියට ගොස් මීටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“දේශපාලන මතයක් දැරීම නිසා පිඩාවට පත්වූ පිරිසක් අද මෙහි රැස්වී සිටිනවා. මෙහි සිටින සියලූ දෙනාගේම මතය ප්‍රජාතන්ත්‍රවාදයයි. බොහෝ දෙනා පක්ෂය ආරක්ෂා කිරීමට වඩා ප්‍රජාතන්ත්‍රවාදය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කළ බව සඳහන් කරන්න කැමතියි. ඒ වෙනුවෙන් පෙනී සිටින විට වෙඩි ප්‍රහාරවලට ලක්වීමට, නිවාස ගිනි තැබීම්වලට, ජිවිත හානිවීම්වලට, ආබාධිත තත්වයන්ට, රැකියා හා උසස්වීම් අහිමිවීම්වලට මුහුණ දීමට සිදුවුණා.
විපක්ෂයේ සිටින විටත්, ආණ්ඩු බලය ලැබුණු විටත් මේ සියලූ දෙනා පිළිබඳවම සොයා බලා කටයුතු කළ බව කිව යුතුයි. අද දිනයේ ක්‍රියාත්මක වන දෙවැනි අදියර යටතේ 500 දෙනෙකු අතර රුපියල් මිලියන හැත්තෑවක මුදලක් වන්දි වශයෙන් පිරිනමනවා. ඔබට විඳින්නට සිදු වූ පීඩාවන් මෙම වන්දි මුදලට වඩා වැඩි බව අප දන්නවා.
මේ වගේම වන්දි ලැබිය යුතු තවත් පිරිසක් සිටින බව කිව යුතුයි. සියලූ දෙනාටම වන්දි ලැබෙන ආකාරයට නැවත ලැබෙන ඉල්ලීම් හා අභියාචනා අනුව සලකා බලා වන්දි ලබාදීමට ඉදිරීයේ දී අප කටයුතු කරනවා. වන්දි ගෙවීමේ ක්‍රමවේදය නතර නොකර ඉදිරියටත් කරගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් අප බලයට පත්වුණු නිසා එය ආරක්ෂා කිරීමට ගත යුතු ඕනෑම පියවරක් ගැනීමට අප සුදානම් බව සඳහන් කරන්න කැමතියි. ඔබේ දේශපාලන මතය හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඔබ කළ කැපවීම අප අගය කරනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇති කිරීමට අප කටයුතු කළා. නමුත් අප බලයට පත්වන තෙක් එවැනි නිදහස් සමාජයක් ඇති කිරීමට හැකි වේ යැයි කිසිවෙකුත් සිතුවේ නැහැ. එදා අප රට භාර ගත් නිසා අද නිදහස් සමාජයක් ඇති වී තිබෙනවා. ඕනෑම මතයක්, අදහසක් පළ කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අද ඔබට දැකගන්න පුළුවන්.

මීට පෙර කිසිවෙකුට කළ නොහැකිව තිබූ ආණ්ඩුවේ ඕනෑම ස්ථානයකින් තොරතුරු ලබාගැනීමේ අයිතිය නීතියක් වශයෙන් ලබා දී තිබෙනවා. රැස්වීමේ නිදහස හා දේශපාලන ක්‍රියාවන්ට සම්බන්ධ වීමේ අයිතිය ජනතාවට ලබා දී තිබෙනවා.
සුදු වෑන් යුගය අවසන් කිරීමට හැකි වූ නිසා අද කිසිවෙකුත් සුදු වෑන්වලට බිය වන්නේ නැහැ. පාර්ලිමේන්තු සැසි වාර රූපවාහිනිය ඔස්සේ සජීවීව දැක ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි වී තිබෙන අතර ඒ තුළින් තම නියෝජිතයන් ජනතාව වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව දැන ගැනීමට ද අවස්ථාව ලැබී තිබෙනවා. අප එවැනි විවෘත සමාජයක් ඇති කර තිබෙන බව කිව යුතුයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට විපක්ෂයෙන්, සිවිල් සමාජයෙන් හෝ වෙනත් පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා ලැබෙනවා නම් ඒ සියල්ලට ඇහුම්කන් දී එකඟත්වයකට පැමිණ ඒවා ක්‍රියාත්මක කිරීමට අප සූදානම්. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කිරීම අපේ අරමුණයි. ව්‍යවස්ථාවෙන් ඉදිරියට ගොස් දැනටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇති කිරීමට අප කටයුතු කරනවා.

රටේ නිදහස් මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට අප කටයුතු කළා. ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉතාම නිදහස් හා සාමකාමී මැතිවරණය බවට පත් වෙනවා. කිසිදු බියකින් තොරව දේශපාලන වැඩකටයුතු කළ හැකි වාතාවරණයක් රටේ ඇති වී තිබෙනවා. අපට එල්ල කරන දෝෂාරෝපණ අපේ බලය යොදාගෙන නතර කිරීමට අපි කටයුතු කළේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට බිය වී මෙවැනි ක්‍රියා මැඩපැවැත්වීමට ඉදිරියේදීවත් අපි කටයුතු කරන්නේ නැහැ.
මැතිවරණ කටයුතු සියල්ල ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හරහා සිදු කෙරෙනවා. ඉදිරියට යෑම පිළිබඳව අපිට කිසිදු බියක් නැහැ. පැවැත්වීමට නියමිත නිදහස් ජනාධිපතිවරණය, කිසිවෙකුට දෝෂාරෝපණය කිරීමට ඉඩක් නොලැබෙන තරමේ නිදහසකින් පැවැත්වෙන බව කිව යුතුයි. අවි ආයුධ රැගෙන පහරදීම් සිදු නොවන සාමකාමී මැතිවරණයක් බවට මෙම මැතිවරණය පත්වනවා.

ජනාධිපතිවරණයට මුහුණ දී එය ජයග්‍රහණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. ඒ වගේම ඉදිරි මහ මැතිවරණය ද ජයගත හැකි ශක්තිය අප සතු බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අපට තිබෙන විශ්වාසය හා ජනතාව අප කෙරෙහි තිබෙන විශ්වාසය නිසා අප මේ නිදහස ලබාදී තිබෙනවා. සියල්ල අවසානයේ ජනතාව මේ නිදහස ලැබුණු හා ලබාදුන් ආකාරය පිළිබඳව සිතා බලනවා.

සෑම අංශයකම අපි විවෘතව වැඩකටයුතු සිදුකර තිබෙනවා. අද දිනයේ පැවැත්වූ කැබිනට් මණ්ඩලයේ දී ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කළ යුතු දේ හා නොකළයුතු දේ පිළිබඳව සාකච්ඡා කළා. ඉදිරියට කටයුතු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡාවට ගැනුණා. අපි විවෘතව කටයුතු කරන නිසා සියල්ල විවෘතව සාකච්ඡා කළ යුතුයි. විවෘත සමාජයක් තුළින් අපට අවශ්‍ය ශක්තිය ලැබෙන බව සඳහන් කළ යුතුයි. ඔබ සිදු කළ සේවය අගය කරමින් ඔබ මුහුණ දුන් පීඩාවන්ට හා වන්දි ලබාදීමට වූ ප්‍රමාදයන් පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මහා සංඝ රත්නය, එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, සන්දිත් සමරසිංහ, හානි පූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂ කේ.එන්. ආනන්ද විජේපාල, ජාතික සේවක සංගමයේ නිලධාරීන්, දේශපාලන පළිගැනීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Post Views: 4
Previous Post

මේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් හැකි උපරිමය කළා – ඇමැති අකිල

Next Post

යාපනය ජෙයපූර් ආබාධිතයන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රුපියල් මිලියන 19 ක අමුද්‍රව්‍ය ආධාර

editor

editor

Next Post

යාපනය ජෙයපූර් ආබාධිතයන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රුපියල් මිලියන 19 ක අමුද්‍රව්‍ය ආධාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved