• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

තවත් සිසුන් 5000 කට පහ ශ්‍රේණි ශිෂ්‍යාධාර අරමුදල් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

29 September 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ ඉක්මවූ තවත් සිසුන් 5,000කට ශිෂ්‍යාධාර ලබාදීමට අදාළ කැබිනට් මණ්ඩල යෝජනාවට මේ වනවිට අනුමැතිය හිමි ව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මෙසේ ශිෂ්‍යාධාර ලබාදීමේ සිසුන් සංඛ්‍යාව වැඩි වී ඇත්තේ වසර 11කට පසුව වීම ද විශේෂත්වයකි.

මෙතෙක් එම ශිෂ්‍යාධාර සිසුන් 15,000කට පමණක් හිමි වූ අතර, 2019-08-13 දින අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සටහනකට අනුව, අරමුදල් ලබාදෙන සිසුන් සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ නැංවීමට අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ම මෙම ශිෂ්‍යාධාර මුදල අදාළ සිසුන් වෙත හිමි වන අතර නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් ආර්ථික දුෂ්කරතා සහිත සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය ශක්තිමත් කරලීමට මෙමගින් මහත් පිටුබලයක් සැලසෙයි.

මෙහි විශේෂත්වයක් වන්නේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ද මෙම ශිෂ්‍යාධාර අරමුදල් ලබා ගැනීමට අවස්ථාවක් සම්පාදනය කොට තිබීමයි. එනම්, ශිෂ්‍යාධාර ලබාදීමට නියමිත සිසුන් 20,000 අතරින් සිසුන් 250ක් තෝරාගැනෙනුයේ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගෙනි.

රටේ සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවෙන් රජය විවිධ පියවර රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, ශිෂ්‍යාධාර අරමුදල් ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 500/- සිට 750 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇත. ඉහළ නංවන ලද මෙම ශිෂ්‍යාධාර දීමනාව 2019 ජනවාරි මස පළමුවෙනිදා සිට ගෙවීමට අනුමැතිය හිමි වී ඇති අතර ඒ අනුව ජනවාරි මස සිට නියමිත හිඟ මුදල් ගෙවීමට අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලෙස රජය රුපියල් මිලියන 300ක් වෙන්කර ඇත.

පසුගිය වර්ෂවල දී සිදුවූයේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉක්මවූවන්ගේ දෙමව්පිය ,භාරකරුගේ මාසික ආදායම් සීමාව රු 4,500 නොඉක්මවන අවස්ථාවල දී අදාළ ශිෂ්‍යාධාර අරමුදල ලබාදීමයි. එහෙත්, ‍2019-‍09-11 දින හිමි වූ කැබිනට් අනුමැතිය අනුව, එම ආදායම් සීමාව රු 15,000/- ලෙස සංශෝධනය කර ඇත.

එමෙන් ම, 2019 වර්ෂයෙන් පසු එළඹෙන ඉදිරි වර්ෂවල දී ශිෂ්‍යාධාර ලබාදිමේ දී දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ මාසික ආදායම් සීමාව තීරණය කිරීමේ බලය ද , අධ්‍යාපන ලේකම්වරයාට මෙම කැබිනට් පත්‍රිකාව මගින් හිමි වී ඇත.

Post Views: 0
Previous Post

කොච්චර මඩ ගැහුවත් නොවැම්බර් 16 ගෝඨාව ජනපති කරන බව මහින්ද කියයි

Next Post

හිටපු හමුදාපති ජනපති අපේක්ෂයෙක් වෙයි

editor

editor

Next Post

හිටපු හමුදාපති ජනපති අපේක්ෂයෙක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved