• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධනේෂ්වරය නොබියව සුරකින අපූරු මාක්ස්-ලෙනින්වාදියෝ…

30 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

JVP n Rajas Letter

 

56 දී ඇරැඹි සමාජ-සංස්කෘතික විප්ලවය තුළින් රටේ අති මහත් බහුතරය වූ සිංහල භාෂාවට රාජ්‍ය භාෂා තත්ත්වය ලබා දී, පෑගෙන පෙළෙන පීඩිත පන්තියේ දරු-දැරිවියන්ට අහිමිව පැවැති උසස් අධ්‍යාපනය ලබාදීම උදෙසා විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල තත්ත්වයට පත්කොට, උසස් අධ්‍යාපන වරම් දොරටු විවර කළේ ය.

එසේ එම වරම් හිමිකරගත්, පීඩිත පංතික දරු-දැරැවියන් විශ්වවිද්‍යාල තුළින් රැකියා සොයා සමාජයට එනවිට රටේ පාලනයේ වරම් ලබා තිබුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හත්හවුල් රජයයි. පීඩිත පංතික දරු-දැරිවියන් උසස් අධ්‍යාපන වරම් ලැබීමට එරෙහිව සිටි එක්සත් ජාතික පක්ෂය එම තරුණ-තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමට අවධානය යොමු කළේ නැති බව ප්‍රකට ය.

මෙම රැකියා විරහිත උගත් තරුණ පරපුර රෝහණ විජේවීරයන්ට සිය මාක්ස්-ලෙනින්වාදී විප්ලවීය බීජය වැපිරීමට කදිම සරුසාර භූමියක් නිර්මාණය කරදුනි. සමාජයේ අති බහුතරය වූ ගොවි ජනතාවගේ ඉඩම් අර්බුදයත් එයට ආශීර්වාදයක් එක් කළේ ය.

මෙකී සමාජ අර්බුදය 1970 දී පැවැති මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හත් හවුල් ආණ්ඩුව පළවා හරිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බලය අත්කර දීම ට මේ රටේ ප්‍රගතිශීලී හා වාමවාදී පොදු ජනතාව තටයුතු කළහ. ඒ අයුරින් 1970 මැයි මාසයේ දී බලයට පත්කරගත් ප්‍රගතිශීලී-වාමවාදී ආණ්ඩුවට මාස 10ක් ගතවනවිට දී ම රැකියා විරහිත උගත් පරපුර දායක කරගනිමින් ආණ්ඩුවට එරෙහිව ආයුධ සන්නද්ධ කැරැල්ලක් මෙහෙයවා තරුණ-තරුණියන් දස දහසකට දිවි අහිමි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේ, පරාජයෙන් අළුගසාදමා එක්සත් ජාතික පක්ෂයට නැගිටීමට මංපෙත් විවර කරමිනි.එම කැරැල්ලේ දී අත්අඩංගුවට පත්වූ විසිහයදහසක් තරුණ-තරුණියන් ඝාතනය නොකළ ප්‍රගතිශීලී ආණ්ඩුව ඔවුන් පුනරුත්ථාපනය කළ අතර, 1977 දී ජේ. ආර්. ජයවර්ධන ට සුපිරි බලයක් අත්කර දීමට එම තරුණ-තරුණියන් ක්‍රියාකාරී වූ අයුරුත් ප්‍රකටය.

අනතුරුව ජේ. ආර්. ලාංකීය සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම භීෂණයට, දූෂණයට, මර්දනයට යටපත් කරමින්, නීති විරෝධීවූත්, සදාචර විරෝධීවූත් ආඥාදායක පාලනයක් ගෙනයද්දී එයට නිහඬ ආශීර්වාදයක් දෙමින් නොනැවතී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානයක් පතා, රටපුරා රැස්වීම් තැබීමට ජෙ. ආර් ගේ සහායෙන් හිරගෙදරින් එළියට පැමිණි විජේවීරයන් කටයුතු කළ අයුරුත් කියාපෑවේ ජනතා විමුක්ති පෙරමුණේ මාක්ස්වාදීත්වය ද..? ධනේෂ්වර විරෝධය දැයි අදටත් සිතා බැලීම වටී.

අඩුම තරමින්, හිට්ලර්ට එරෙහිව, මානව සංහතියේ පැවැත්ම උදෙසා රූස්වෙල්ට් හා චරුචිල් සමඟ එක්වූ රුසියානු නායක ජෝෂප් ස්ටාර්ලින් ඔප්පු කළ න්‍යායට වඩා ප්‍රායෝගිකත්වයේ වැදගත්කම ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට අවබෝධ නොවීමේ විපාකය විඳීමට සිදුවූයේ 1988 ජනාධිපතිවරණයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පරාජය කරමින් රණසිංහ ප්‍රේමදාසයන්ට බලයට ඒමට වක්‍රව උපකාර කිරීමෙන් අනතුරුවය.

වර්ෂ 2010 දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමේ අසාර්ථක උත්සාහයක යෙදීමෙනුත්, නැවතත් වර්ෂ 2015 දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට වක්‍රව සහාය දීම මගිනුත්, 2018 ඔක්තෝබර් 26 වන දා ජනාධිපතිවරයා ද මැදිහත් වී ආණ්ඩුව වෙනස් කළ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති අසුනේ ඉන්දවීමට දරූ උත්සාහයත්, එක්සත් ජාතික පක්ෂයේ මහ බැංකු කොල්ලය සිදුකිරීමේ සිද්ධියෙන් පසුව එය සිදුකිරීමත් මගින් එකම වරද නැවැත නැවැත සිදුකරමින්, ජනතා විමුක්ති පෙරමුණ නව නායකත්වය යටතේ පවා පංති සටන වෙනුවට, පංති සහයෝගය, බලය හෝ ධනය හෝ වෙනුවෙන් වැලඳගනිමින් මාක්ස්-ලෙනින්වාදය ට නව අරුත් දීමේ උත්සාහයක යෙදී සිටීම අතිශය සුවිශේෂී කාරණයකි.

රාජා ලියයි…
Post Views: 2
Previous Post

පොහොට්ටුවට වටින්නේ දිනන්නද ..? නැතිනම් ලකුණ ද? – දුමින්ද අසයි

Next Post

ජනාධිපතිවරණයෙන් පසු රට පාලනය කරන්නේ ශ්‍රීලනිප බව ආණ්ඩුකාර මුසම්මිල්

editor

editor

Next Post

ජනාධිපතිවරණයෙන් පසු රට පාලනය කරන්නේ ශ්‍රීලනිප බව ආණ්ඩුකාර මුසම්මිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved