27 April 2024
#දේශීය

ජනාධිපතිවරණයෙන් පසු රට පාලනය කරන්නේ ශ්‍රීලනිප බව ආණ්ඩුකාර මුසම්මිල්

අතීතයේදී මෙන්ම ජනාධිපතිවරනයෙන් පසු ගෞරවාන්විත නිදහස් පක්ෂ සාමාජිකයකු විසින් රට භාරගනු ඇති බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘවරයා වන දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ගුණසමරු උත්සවයේදීය.

එක්සක් ජාතික පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වශයෙන් මනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මහඟු සේවයක් ඉටුකල දිවංගත බණ්ඩාරනායක මහතාගේ දේශපාලනික දිවිය පිළිබද කතා කිරිමට ලැබීම මට මහත් ගෞරවයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලවත් දේශපාලන පක්ෂයක් ලෙස විග්‍රහ කල මුසම්මිල් ආණ්ඩුකාරවරයා සිහිපත් කර සිටියේ 2015 දී මෙන්ම මෙම ජනාධිපතිවරණයේදී ද එම පක්ෂයේම නායකයකු ජයග්‍රහණය කරනු ඇති බවයි.

පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් මෙන්ම කොමියුනිස්ට් පක්ෂ නායක ඩියු ගුණසේකර සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් යන මැති ඇමතිවරුන්ද මෙම උත්සවයට සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *