2019 නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ විය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතාගේ ප්රධානත්වයෙන් නාම යෝජනා භාර දීමේ කටයුතු පෙ.ව.9.00 සිට ආරම්භ විය.
කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය,එහි සෙසු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර හා මහාචාර්යය රාජන් හුල් යන මහතවරුන් විසින්,ඇප තැම්පත් කොට තිබු අපේක්ෂකයින්ගේ නාම යෝජනා භාර ගන්නා ලදි.
මෙවර ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 41ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
නාම යෝජනා භාර ගැනිම පෙ.ව 9.00 සිට පෙ.ව.11.00 දක්වා සිදු කෙරෙන අතර පෙ.ව.11.30 දක්වා විරෝධතා භාර ගැනීම සිදු කෙරේ.
නාම යෝජනා භාර දීමේ අද දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව ආශ්රීත ප්ර දේශවල ආරක්ෂාව තර කර ඇති බව පොලිසිය පවසයි.