එදා මෙදා තුර ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජනාධිපතිධූර අපේක්ෂකයෙකු වෙනුවෙන් ත්‍රෛනිකායික මහනුවරවාසී මහාසංඝරත්නය අටසිය පනස් නමක්(850) ශ්‍රී දළදා මාළිගාව අභියස නාථ දේවාල පරිශ‍්‍රයට වැඩම කරවා පිරිත් සජ්ඣායනය කරමින් ආශිර්වාද කිරිමේ උත්සවයක් එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානි අධිනීතිඥ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එක්සත් ජාතික පෙරමුණෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සංවිධානය කොට තිබුණි.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි අනුනායක හිමියන් මූලාසනය හොබවමින් අනුශාසනාවක් සිදුකළ අතර උන්වහන්සේ අවධාරණය කරමින් කියා සිටියේ රාජ්‍ය නායකත්වයට පැමිණිමට පෙරාතුව සම්ප‍්‍රදයානුකූලව සිදුකළ යුත්තේ දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබාගැනීම බවත් සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකළ මෙම ක්‍රියාව බෞද්ධ නායකයෙකුගේ තිබිය යුතුම ලක්ෂණයක් බවයි.
මහනුවරට පැමිණි ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා චිරාගත සම්ප‍්‍රදයානුකූලව පළමුව දළදා වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර පසුව පිළිවෙලින් මල්වතු,අස්ගිරි මහානායක හිමිවරුන් හා රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන්ද උඩරට අමරපුර නිකායේ වැඩබලන මහානායක හිමි, අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ මධ්‍යම පළාත් ප‍්‍රධාන සංඝ බැහැදැකීමෙන් අනතුරුව ශ්‍රී සෙල්ව විනයාගර් කෝවිලේ හින්දු ආගමික වතාවත්ද මීරා මක්කම් පල්ලියේ මුස්ලිම් ආගමික වතාවත්වල නිරත වී කතෝලික රදගුරුතුමන්ද හමුවී බෞද්ධ නායකයෙකු ලෙස සර්ව ආගමික නායකයින්ගේද ආශීර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාවන් සඳහා දේශපාලන නියෝජිතයින් ඇතුළු ගිහි පැවිදි අතිවිශාල පිරිසක් එක්වී සිටියහ.