27 April 2024
#ව්‍යාපාර

DLB SWEEP APP යෙදුම හඳුන්වා දෙයි

වසර 37 ක කාලයක් තිස්සේ මෙරට ජනතාව වෙත ලොතරැයි ටිකට් පත් විකුණා ලැබෙන ආදායම තුළින් මෙරට අධ්‍යාපන කේෂ්ත්‍ර සඳහා යොදවන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සුරියප්පේරුම මහතා පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ DLB SWEEP APP යෙදුම හඳුන්වා දීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

සභාපතිවරයා කියා සිටියේ මෙම සේවාව මඟින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට අයත් සියළුම ලොතරැයි ජයග්‍රහණයන් දෛනික නිල ප්‍රතිඵල හා මාස 6 ක පැරණි නිල ප්‍රතිඵල නිවැරදි ලෙස ඉක්මනින් දැන ගැනීමට හැකියාව ඇති බවයි. එසේම කාර්ය බහුල ජිවන රටාවක් ගෙවන ජනතාවට ජංගම දුරකතනය ඔස්සේ ඕනෑම වේලාවක ජයග්‍රාහි ලොතරැයි නිල ප්‍රතිඵල ඉතාම නිවැරදිව, එසැණින් දැනගැනීමේ අවස්ථාව පමණක් නොව, ලොතරැයි ටිකට්පතේ ඇති QR සංකේතය භාවිත කර ලොතරැයි ටිකට්පතට අදාළ ත්‍යාග තිබේද හා අදාළ ත්‍යාග මුදල දැනගැනීමේ පහසුකම් ද සලසා ඇත.

මෙම DLB SWEEP APP යෙදුම ඉදිරියේදී තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන බවත් දෙසැම්බර් මාසය වන විට දියුණු මට්ටමක ගෙන ඒමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *