සෑම සියලූ අතින් බිඳ වට්ටවා ඇති රට යළි ගොඩගත හැක්කේ තිස් අවුරුදු යුද්ධය නිමකොට ‘සයනයිඞ් කරල ගෙල බැඳි දරුවා’ යළි පාසල වෙත යොමු කළ, සිංහල, මුස්ලිම් දරුවන්ට බෝම්බ බියෙන් තොරව පාසල වෙත යාමට මග පෑදු ගෝඨාභය – මහින්ද සුසංයෝගයට මිස අන් කිසිවකුට නොවන බවත් ඒ සුසංයෝගය දිනවීම තම දරුවාට සුරක්ෂිත හෙට දවසක් උදාකර දීමට වෙහෙසෙන මෙරට සියලූ මිනිසුන්ගේ අත්හළ නොහැකි වගකීමක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (09) අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජය තහවුරු කරන රැලි මාලාවේ පළමුවැන්න අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා ” 2005 දී බලයට ආපු මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ගෝඨාභය රාජපක්ෂයන් සමඟ එකතුවෙලා මේ රටේ එවකට පැවැති බරපතළම ප්රශ්නයට විසඳුම් දීමට පුළුවන් වුණා. එදා මහින්ද – ගෝඨාභය සුසංයෝගයෙන් මේ රටේ ජනතාව මරබියෙන් බේරා ගත්තා. සයනයිඞ් කරල බෙල්ලේ එල්ලා තිබූ දෙමළ දරුවා පාසල් යැවීමට, සිංහල, මුස්ලිම් දරුවන්ට බෝම්බ බියෙන් තොරව පාසල් යාමට හැකි පරිසරය හැදුවේ මේ මහින්ද – ගෝඨාභය සුසංයෝගයයි. එහෙම නම් අද මේ රට වැටී ඇති වළෙන් ගොඩගත හැක්කේ ද වෙන කාටවත් නොවෙයි මහින්ද – ගෝඨාභය සුසංයෝගයට පමණයි. ගෝඨාභය රාජපක්ෂයන් මෙහිදී පැවසුවා, අලි – මිනිස් ගැටුමට ද විසඳුම් ලබා දෙන ආකාරය ගැන. එතුමා කිව්වේ අපේක්ෂකත්වය ලැබුණාට පසුව මලයාලම් භාර ඔප්පු කිරීමට ඇතින්නියන් 07 දෙනෙකු මරා දැමීම ගැන නොවෙයි. අද ජනතාව ඉල්ලා සිටින්නේ මේ පිංබිම රකින්න පුළුවන්, ආර්ථික බලය ගොඩනගන්න පුළුවන්, සහරාන්ලාගේ බෝම්බ බිය තුරන් කළ හැකි නායකයෝ. ඒ නායකත්වය තිබෙන්නේ මේ වේදිකාව තුළයි. ‘ගෝඨාභය – මහින්ද’ ඒ නායකත්වයයි. ඒ නිසා මේ මව් පොළොව ඉල්ලන ඒ ප්රාර්ථනාවේ කොටස්කරුවන් වෙමුෟ විදෙස්ගත ශ්රී ලාංකිකයනි, ඔබේ දායකත්වයත් මෙරටට පැමිණ ලබා දෙන්න’’