තමන් හමුදාපති කාලයේ ගෝටාභය රාජපක්ෂ මහතා ට කොටින්ගෙන් වෙඩි කා මිය යන්නට කටයුතු කරන්නට තමනට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පසුගිය දා පැවසීය.
‘මම ඕක දැනං හිටියෙ නෑනෙ. නැත්තං මං ඕකව ගෙනිහිං අර බංකරේක ඉස්සරහ හිටවල තියනව. අරුන්ගෙන් මැෂින්ගන් පාරක් කන්න’ යැයි, සරත් ෆොන්සේකා සඳහන් කළේ සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් පැවති ජනාධිපිවරණ ජන රැළියක් අමතමිනි.
සරත් ෆොන්සේකා මහතා තමන්ගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති යයි සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පසුගිය දා ගෝල්ෆේස් හි පැවැති රැළියේ දී ප්‍රකාශයට පත් කළේ ය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට රට පුරා සාමාන්‍ය මෙන්ම විද්වත් ජනතාව ද දේශපාලනඥයින් ද විවිධ මත පලකරමින් සිටියි.
අද (28) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ පැවැති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද සහභාගී වූ රැළීයක දී ද මේ සම්බන්ධව අදහස් පළ වී ය. එහි දී කතාකළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මරා දමන්නට තරම් සැහැසි බව කියන හිටපු හමුදාපතිවරයෙක් ද සිටින පාර්ශවයකින් රට ට සෙතක් අත් නොවන බවයි.