ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතිය ඇමතිම ලබන 16 වනදායි පසුව සිදු කරනු ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමීපතයෙකු කියා සිටියේ ජනාධිපතිවරණයට අදාළ මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී ජාතිය ඇමතිම තුළින් ස්වාධිනවීම ගම්‍ය නොවන බවයි.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වන අතර කුමාර වෙල්ගම මහතා පමණක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බව වක්‍රව පවසා තිබේ.
කෙසේ නමුත් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය මෛත්‍රිපාල සිරිසේන විසින් දරනු ඇති බවත් පාර්ලිමේන්තු මැතිවරණයේදී සක්‍රියව දේශපාලන කටයුතුවල යෙදෙන බවයි. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමට නම් එහි පාර්ලිමේන්තු නියෝජනය මේ වනවිට ගෝඨාභය රාජපක්ෂහට සහාය පල කිරීමට කටයුතු කරන්නේම ඒ හේතුවෙන් බව දැන ගන්නට ඇත. කෙසේ නමුත් ඉදිරියේදී පක්ෂ තුනෙන් අනාගත තීන්දු වන්නේ මෙම ජනාධිපතිවරණය තුළිය.
ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවේදී කර කියා ගත නොහැකි තත්ත්වයක් මත යම් දේශපාලන අපේක්ෂකයෙකුට සහාය පල කිරීම සිදු කළේය. නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තම සහාය පල නොකරන බව පැවසුවත් පොදු ජන පෙරමුණ සමඟ ඔහු සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් දිගින් දිගටම කියා සිටියේය.
නමුත් ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස හට ද යටින් සහාය පල කරන බව ද දැනගන්නට ඇත. නමුත් මේ මොහොතේ කිසිවක් ඍජුව කටයුතු නොකිරීමට සියළු පාර්ශවයන් කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පවා පවසා සිටින්නෙ ජනාධිපතිවරණයෙන් පසු පක්ෂයේ යම් වෙනස් සිදු කරන බවයි.