27 April 2024
#දේශීය

ඡන්දෙ දාන්න ගමට යන්න විශේෂ බස් ඇත – විශේෂ කෝච්චි නැත…

මෙවර ජනාධිපතිවරණ දිනයේ ඡන්දය භාවිත කිරිම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසතත්, විශේෂ දුමිරිය කිසිවක් ක්‍රියාත්මක නොවන බව අදාල බලධාරීන් පවසයි.

ංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි පි.එච්.ආර්.ජේ චන්ද්‍රසිරි පැවසුවේ අද සිට මෙම විශේෂ බස් රථ සේවය ක්‍රියාත්මක වන බවයි. 

කෙසේවෙතත් හෙට දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක නොවන බවත්, සුපුරුදු දුම්රිය කාලසටහන ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.

පසුගිය දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය සේවකයින්ට තැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශය කිරීමට නොහැකි වී ඇති අතර  එබැවින් විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරිමට බලධාරින් කටයුතු කර නොමැත.

* සටහන : අතලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *