• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජිතට එරෙහිව සිඅයිඩියට පැමිණිල්ලක්

13 December 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව බරපතළ මූල්‍ය අපරාධයක් සිදුකර ඇති බවට අද (13) ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ, 2017 වසරේදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට රුපියල් ලක්‍ෂ 30,000කට අධික රජයේ මුදලක් වැය කරමින් නඩත්තු කිරීම සම්බන්ධයෙනි.

මෙම බරපතළ මූල්‍ය අපරාධය පිළිබඳව පැමිණිල්ල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ් සී අයි ඩි) වෙත ඉදිරිපත් කිරීම සඳහා ඒ මහතා එම කොට්ඨාසය වෙත පැමිණි අතර එහි නිලධාරින් පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බවත් එය සීඅයිඩියට ඉදිරිපත් කරන ලෙසත් දැන්වීය. ඉන්පසු අපරාධ පරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා තම පැමිණිල්ල එහි අධ්‍යක්‍ෂවරයා වෙත භාර දෙනු ලැබීය.

ඒ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ ලිඛිත පැමිණිල්ලේ මෙසේද සඳහන් කර තිබේ.

‘‘අවුරුදු 10ක කාලසීමාවක් යන තෙක් නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමක් සිදු කළ නොහැකි බව දැනදැනම කැබිනට් මණ්ඩලය නොමග යවමින් ද එය රජයට පවරා ගැනීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බරපතළ මූල්‍ය අපරාධයක් සිදු කොට ඇති බවට සාක්ෂි සහිතව මා හට කරුණු ඉදිරිපත් කළ හැකිව තිබේ.

ඉහත කී කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඔහු විසින් පෞද්ගලික රෝහලක් වන නෙවිල් ප‍්‍රනාන්දු රෝහල වෙනුවෙන් වැය කොට ඇති රජයේ මුදල් හා සම්පත් ප‍්‍රමාණය අතිමහත් ය. එම පෞද්ගලික රෝහලට රජයේ හෙදියන් හා වෙනත් රෝහල් කාර්ය මණ්ඩල යොදවා ඔවුන්ට රජයෙන් වැටුප් ගෙවා ඇති අතර ඒ සඳහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 27කට ආසන්න ය. මාසිකව නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ පරිපාලන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 200ක් ද ඹෟෂධ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක් ද වැය කොට ඇත. ඒ අනුව වසරකට රුපියල් මිලියන 3000ක රාජ්‍ය මුදල් අවභාවිතාවක් මෙම තැනැත්තා විසින් සිදුකොට ඇත. අප විසින් ලිඛිත හා වාචික සාක්ෂි සහිතව ඉදිරිපත් කරන මෙම බරපතළ මූල්‍ය අපරාධය පිළිබඳව කඩිනමින් පරික්‍ෂණයක් සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.’’ යැයි අදාළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

 

දිලිනි සමන්මලි 

Post Views: 8
Previous Post

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ජන අගමැති බොරිස්ගේ පාලක පක්ෂයට හිමිවෙයි

Next Post

ජනපතිට ජපානයේ සංචාරයකට ආරාධනා

editor

editor

Next Post

ජනපතිට ජපානයේ සංචාරයකට ආරාධනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අද කාලගුණය

24 June 2025

Recent News

ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
ප්‍රබල භූකම්පනයක්

ප්‍රබල භූකම්පනයක්

24 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අද කාලගුණය

24 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

24 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved