• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home වෙනත්

බොරුව හෙළිකළොත් අතුලටත් සුදුවෑන් එකේ යන්න වෙයි කියලා රාජිත කියලා…

22 December 2019
in වෙනත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සුදු වෑන් කිඹුලන් ලෙස මේ වනවිට රට ම දන්නා උණ්ඩියල් අතුල හා ඩග්ලස් විසින් කළ පාපෝච්චාරණ අතීශය ජුගුප්සාජනක හා බියනරු බවත්, ඒ මගින් වත්මන් දේශපාලකයින් කිහිපදෙනෙක් විසින් මෙතෙක් සුදු පිරුවටයේ දවටා රට ට පෙන් වූ විජ්ජා හෙළිකරගැනීමට හැකිව ඇති බවත් ආරක්ෂක අංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබෙයි.

“ජනපතිවරණය ට දෙ සතියක ට පෙර රාජිත සේනාරත්න (එවකට ඇමැතිවරයා) ගේ නිවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණේ වඩිගපටුන නැටුමකට මෙන් බොරු රැවුල් දමාගත් පුද්ගලයන් දෙදෙනෙක් සමගිනි.. ඇමැතිවරයා මැදි කරගෙන වාඩි වූ ඔවුන් දෙදෙනා හෙළි කළ කතා ඇසූ සමහරු ඇඟේ මයිල් කෙළින් කර ගත්හ. තවත් සමහරු සිනාසුනහ.ඒ ඔවුන්ගේ බිහිසුණු හෙළිදරව්ව විනෝදජනක චිත්‍රපටයකට හොඳ තිරපටයක් වූ බැවිනි.” මේ කෙටි උපුටනය මාධ්‍යවේදී සගයෙක් විසින් තබන ලද්දකි. මේ සඳහනින් ම මෙම මාධ්‍ය හමුවේ වූ උගතෝකෝටිකයන් රැසක ට පිළීතුරු ඇතැයි සිතිය හැකි ය.

කෙසේ වෙතත් මේ වන විට එම මාධ්‍ය හමුවේ වගතුග ඔස්සේ යමින් පරීක්ෂණ සිදුකළ ආරක්ෂක අංශ විසින් “සුදු වෑන්” සම්බන්ධ කරුණූ රැසක් සමග අපරාධ කිහිපයක් ද අනාවරණය කරගෙන ඇත්තේ, උණ්ඩියල් අතුල හෙවත් අතුල සංජීව මදනායක හා ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු හෙවත් සරත් කුමාර යන දෙදෙනාව ඉකුත් සතියේ කඩවත මහර පාරේ අවන්හලකදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ ය. අනතුරුව ඔවුන් පොලිසියට පවසා ඇත්තේ, රාජිත සේනාරත්න ඇමැතිවරයා මේ බොරු කතා කියන්නට තමන්ට සල්ලි දුන් නිසා තමන් ඒ කතා කී බවය.

උණ්ඩියල් අතුල 2014 සිට පසුගිය මාර්තු මාසය දක්වා සිටියේ සිරගතව සිටි අයෙකි. හිරෙන් නිදහස්ව පැමිණි උණ්ඩියල් අතුල ඔහුගේ හොඳම මිතුරා සරත් මාර්ගයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන පොල්ගම්පොළ නමැත්තකු හමුවීමට ගොස් තිබේ. ඇමැති රාජිත සේනාරත්න හමුවීමට අතුල ගොස් ඇත්තේ නොවැම්බර් 04 දා ය. ඔවුන් එහි රැගෙන ගිය බව පවසන්නේ එම මන්ත්‍රීවරයා ය. කිඹුල් නාටකයේ පිටපත සැකසෙන්නේ එතැන් සිට ය.

අනතුරුව, සුදු වෑන් භීතිකාව පිළිබඳව මාධ්‍ය සාකච්ඡාව ඇමැති රාජිත සේනාරත්න සමඟ මොවුන් දෙදෙනා බොරු රැවුල් යොදා ගෙන පවත්වන්නේ ඉකුත් නොවැම්බර් 10වන දා ය. මොවුන් ට මේකප් රැවුල් දමන්නේ අයි.ඩී.එච්. ප්‍රදේශයේ පාළු නිවසකදී ය. මේ සියලු කරුණු සමඟ සරත් කුමාර නොහොත් ඩග්ලස් රහස් පොලිසියට පාපොච්චාරණය කර තිබුණේ තමන් උණ්ඩියල් අතුල ද සමඟින් රාජිත ඇමැතිවරයා හමුවූ බව ය.

“…අපි කලින් හමුවූ මොහොතේ රාජිත ​ඇමැතිතුමා අපිට කියන්න අවශ්‍ය තොරතුරු දෙනවා මේක කරන්න පුළුවන්ද කියා ඇහුවා. මෙතැනදි ගාන කතා කළෙත් ඇමැතිතුමයි. අපි දෙන්නා රුපියල් ලක්ෂ තිහක් ඉල්ලුවා. අපිට මුදල් ගෙවීම භාරවුණේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති රූමි මොහමඩ්ට. අපේ ගාන අඩු කරන්න බැරිද කියල රූමි අපෙන් ඇහුවා. මේක මෙතැනින් ඉවර වෙන්නේ නැහැ. අපි ඔයගොල්ලන්ට උදව් කරනවා. ඉන්න ගෙවල් දෙකක් දෙනවා. ඇමරිකාවේ තානාපති කාර්යාලයේ කම්කරු රැකියා දෙකක් ලබාදී පවුල් පිටින් රට යවනවා’’ කියා ඇමැති රාජිත අපිට පොරොන්දු වුණා. අන්තිමේදී රුපියල් ලක්ෂ විස්සට අපි මේකට කැමැති වුණා.’’

අපිට කොළයක මුද්‍රණය කරලා සුදුවෑන් නාටකය ගැන කියන්න කියලා අතට දුන්නා. ඒවා කට පාඩම් කරන අතරේ රූමි මහත්තයා කතා කරලා අපිට නොවැම්බර් 09 දා වාහනයක් එව්වා. ඊට පස්සේ තමයි බොරු රැවුල් කණ්ණාඩි දාගෙන සූදානම් වුණේ. එදාම අපි දෙන්නට රුපියල් ලක්ෂ විස්සක් ගෙනත් දුන්නා.” මේ ආකාරය ට ඔවුන් පාපෝච්චාරණය කර ඇතැයි දැනගන්න ට තිබේ.

අපිට ලක්ෂ විස්ස දීලා මේක කෙරෙව්වා. ඊට පස්සේ සුදු වෑන් සිද්ධිය ගැන අපි කරපු බොරුව හෙළි කළොත් අපිවත් සුදු වෑන් එකේ යවන්න වෙන බව ඇමැති රාජිත සේනාරත්න පැවසූ වග සරත් අතුල පොලිසියට පවසා තිබේ. උණ්ඩියල් අතුල රටේම නමගිය අපරාධ රැසකට සම්බන්ධ බව මේ පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

කෙසේ වෙතත්, ආරක්ෂක අංශ මෙන් පෙනී සිටිමින් රටේ අපරාධ රැසක් කළ සුදු වෑන් කල්ලියේ වතගොත හෙළිකරගැනීමට හැකිවන්නේ ඇමැති රාජිත සේනාරත්න ගේ මහා හෙළිදරව්ව හෙවත් සුදු වෑන් කිඹුල් නාඩගම නිසා ය.

* සටහන : ජනිත් විපුලගුණ

Post Views: 1
Previous Post

වොක්ෂෝල් වීදිය ට ගිය නිසා සජිත් පැරදුණා…

Next Post

මංගල ට හා රංජන් ට එජාපයෙන් නාමයෝජනා නෑ..?

editor

editor

Next Post

මංගල ට හා රංජන් ට එජාපයෙන් නාමයෝජනා නෑ..?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved