නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 7815 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
CNN ප්රවෘත්ති සේවය වාර්තා කර සිටියේ මේ වන විට චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 170 ක් සිදුව ඇති බවයි.
චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරොනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් රැසක් වෙත ව්‍යාප්ත වී පවතියි.
මෙම ආසාදන තත්ත්වයට මුහුණ පෑ රෝගීන් චීනයේ හමුදා වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව වාර්තා වී ඇති කොරොනා වෛරසය ආසාදනය වු රටවල් වන්නේ.
එමෙන්ම ලොව පුරා වෛරස අසාදිතයන් වාර්තාවීමේ ද ශීඝ්‍ර වර්ධනයක්ද දක්නට ලැබෙන අතර මෙම තත්ත්වය සලකා සමස්ත ලෝකය දැඩි සේ අවදානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සෞඛ්‍ය වැඩසටහනේ ප්‍රධානියා අවධාරණය කර සිටි.
එසේම කොරෝනා වෛරසයේ නවතම තත්ත්වය පිළිබද සොයාබලා එය ගෝලීය සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් ලෙසින් නම් කළ යුතුද නැතිද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් එම ආයතනය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
දිලිනි සමන්මලි