27 April 2024
#දේශීය

එජාපයට කොරෝනා වෛරසය වැලදී ඇති බව මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ස`දහා පවතින ගැටුම කොරෝනා වෛරසය වැලදී ඇති රෝගියෙක් මෙන් මෙන් ස්ථිර ප‍්‍රතිකර්මයක් නැති ගැටළුවක් බවට පත්වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවුසවේ ඊයේ (29) ඇහැලියගොඩ ශ්‍රී මදාර සිංහරාම විහාරස්ථානයේ පැවති ජනහමුවක් අමතමිනි.

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ එක්සත් යන වචනය හුදෙක්ම සිරිකොත පක්ෂ මුලස්ථානයේ නාම පුවරුවට පමනක් සීමාවී ඇති බවද මේ වන විට එක්සත් යන වචනය වෙනුවට බිදුන යන නම ආදේශවී බිදුන ජාතික පක්ෂය බවට මාරු විය යුතු බවද මන්ත්‍රීවරයා ප‍්‍රකාශ කර සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප‍්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව තුලත් ඉන් පිටතත් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍යජාල මෙම රෝගය සම්බන්ධයෙන් පලකරන මාධ්‍ය දැන්වීම් හුදෙක් ආර්ථිකමය ලාභ ඉපයීමේ පදනමින් බැහැරට ගොස් මෙය ජාතික යුතුකමක් වගකීමක් ලෙස සලකා සෑම විටම සත්‍ය නිවැරදි පුවත් පමණක් වාර්ථා කර මෙම අපදා තත්වය ඉක්මනින් අවසන් කිරීමට සහ සමාජය තුල අනිසි බියක් ඇති නොවන ආකාරයට වගකීමක් ඇතිව කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *