• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති ගෝඨාභයගේ දින 100 වැඩ

25 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය නොවැම්බර් 25 වනදා ජනාධිපති ධුරය සඳහා පත් වු 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිය ධූරයේ වැඩ ආරම්භ කර අද (25) දිනට දින 100ක් සපිරේ.

ගත වූ කාලයේ දී “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය දෙමින් ජනතා අපේක්ෂා ඉටුකිරිමට ගත් තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග ජනාධිපති මාධ්‍ය අංශය විසින් මෙලෙස පෙලගස්වා තිබේ.

අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන්

 පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම

 උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් රටට දායාද කිරීමේ අමුණින් ගත් වැදගත් තීන්දුවකි.

 උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලබන තරුණ තරුණියන් වෘත්තීය පුහුණුව සමග ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය මුසු කරගත් සුහුරු තාක්ෂණවේදීන් බවට පත්කිරීමේ කඩිනම් වැඩපිළිවළෙක් දියත් කර තිබේ.

 වයස අවුරුදු 20 වන විට උපාධිලාභී තරුණ තරුණියන් රුකියා සදහා සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් හදුන්වාදීම.

 ඉතා දිළිඳු පවුල්වල කිසිදු සුදුසුකමක් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධන බලකායක් යටතේ රැකියා ලක්ෂයක් බිහිකරමින් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ජනවාරි 15 වනදා සිට ක්‍රියාවට නැංවීම.

 ඉදිරි කාලසීමාව තුළ හෙද පාඨාමාලා හදාරන අය සහ ගුරු පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යාමට සැලසුම් සකස් කෙරෙමින් පවතී.

 අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගෙන තිබේ.

 ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ස්ථාපනය කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇත.

 රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට ඝෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් රැකියා විරහිත උපාධිධාරින්/ ඩිප්ලෝමාධාරින් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම

 රැකියා විරහිත උපාධිධාරින් සේවා නියුක්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ අයැඳුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ නැංවිමට පියවර ගැනීම

 

රාජ්‍ය සේවය වෙනුවෙන්

 රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම.

 රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.

 රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම
.
 රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරීමට උපදෙස් දිම.

 රාජ්‍ය ආයතනවල අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම.

 සේවයට බඳවා ගැනීමේ දි සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදිමට සැලසුම් කිරීම රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් වැදගත් තීන්දු තීරණ අතර වේ.

 සියලු රාජ්‍ය ආයතන ලාබ ලබන සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීම‍

 ලාභ අපේක්ෂා නොකරන ආයතන ජනතාවට සතුටුවිය හැකි හොද මහජන සේවාවක් සපයන ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සැකසිම.

 කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම

 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහාම යාවත්කාලීන කිරීම

අපේකම් සුරැකුණ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා

 ආර්ථික පුනරුදය සදහා සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයකට සැලසුම් (2025 වන විට ඇමරිකන් ඩොලර් මිලියන 10ක වාර්ෂික ආදායමක් ඉලක්ක කර ගනී)

 රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීමේ දී ඇපයට තබා ඇති දේපළ වෙන්දේසිය වහාම අත්හිටුවන ලෙස උපදෙස් දීම.

 සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට නීති සැකසීම.

 රාජ්‍ය ආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදන ව්‍යාපෘති විශ්ලේෂණ සහ කලමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන කාර්යාංශයක් පිහිටුවීම.

 කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන්  අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරීම.

 දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිම.

 සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී සිදුවු අපහසුතා වැලැක්විමට අදාළ සංශෝධන හඳුන්වා දීම.

 

03
 මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය  පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවිජන මන්දිරයට රැගෙන යාම.

 තිරිඟු පිටි ඒකාධිකාරය නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස සෙසු ආනයනකරුවන්ට ද තිරිඟු පිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම

 කෘෂිකර්ම, ව්‍යාපාර හෝ නිවාස ඉදිකර ගැනීම සදහා තිස් අවුරුදු බදු පදනම මත ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම

 ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරිම.

 මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීම

 ප්‍රමිතිය අසම්පුර්ණ වී කිලෝවකට රුපියල් 44ක්.

 වැසී ගිය කුඩා වී මෝල් හිමියන් බලගැන්වීමට පියවර ගැනීම

 දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවිමට පියවර ගැනිම

රටට සහ ජනතාවට හිතැති රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ද ජනපති ලබාදුන් ආදර්ශයන් බොහෝය.

 කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂම ඉදිරියට ගෙන යාම.

 රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.

 ජනාධිපති කාර්ය මණ්ඩලය හා පරිවාර රථ සීමා කිරිම සහ ජනාධිපති නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම.

 භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් අනාගත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව.

 මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරිමට උපදෙස් දීම.

 තම ධූර කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමේදී සිදුවන මුදල් නාස්තිය වළක්වාලමින් හමුදා උත්තමාචාර වැනි දේ අවලංගු කිරිම

පොදු ජන යහපත වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට එලැඹ තිබේ.

 පළමු වතාවට නිවසක් මිලදී ගැනිමේ දී සහන පොළියක් සහිත දිගුකාලීන ණය ප්‍රදානය

 අනුකූලතා සහතිකය (COC) එක් දිනකදී නිකුත් කිරීම

 නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදිකිරීමේදි නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැලසුම් එක් දිනකදී අනුමත කිරීම

 නිවසක් නොමැති දුගී පවුලක් තෝරාගෙන එක් ග්‍රාමසේවා වසමකට එක් නිවස බැගින්  නිවාස 14,000ක් ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම.

 ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම

 ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පානීය ජල සම්බන්ධතා එක් ලක්ෂ පනස්දහසක්  

 

 

04

 දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ද 25% කින් පහත දැමීම.

 15% වැට් බද්ද 8% දක්වා පහත හෙළීම.

 ආපදා අවස්ථාවල සහන සැලසීමට බාධා වන චක්‍රලේඛණ සංශෝධනය කිරීමට උපදෙස්

 රක්ෂිතවල වාසය කරන පිරිස් සුදුසු ස්ථානවල පදිංචි කිරීමට පියවර ගැනීම

 සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අක්ෂි පරීක්ෂාව පමණක් සිදු කිරීම

 දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීමට පියවර ගැනීම

 ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරීම

 පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය දීම.

 ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවට ගරු කරමින් ආයෝජන කිරීමට ආරාධනා කිරීම.

 පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාවට භාර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.

 පරිසර පවිත්‍රතාව පොලීසියේ සහ සෙසු කණ්ඩායම්වල අවධානයට ලක් කිරීම සඳහා වන ක්ෂණික වැඩපිළිවෙළ.

 මාර්තු 01 වනදා සිට වතුකම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රු 1000ක් කිරීම

 අඩු අදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිම

 අඩු අදායම්ලාභීන් වෙනුවෙන් ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රෝනික කාඩිපතක් නිකුත් කිරීම

 දිළිදු හා අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගනු ලබන පුද්ගලයන්ට ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිස්සංකරණ කොමිසන් සභාව සහ බිම් සවිය සමග සම්බන්ධිකරණය කර කෘෂිකර්ම සංවර්ධන සහ නිවාස හා ව්‍යාපාර වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම් යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම

 රටින් පිටවීමේ දී සහ මෙරටට පැමිණිමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ගුවන්තොටුපොළ කටයුතු විධිමත් කිරීමට පියවර ගැනීම.

 මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කිරීමට අදාළ අංශවලට උපදෙස් දීම

 මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට උපදෙස් ලබාදීම

– රත්නපුර අධිවේගයට ප්‍රමුඛතාව

– කොළඹ මාර්ග තදබදයට ඉක්මන් පිළියම්

– ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මග පානදුර දක්වා

– පොදු ප්‍රවාහනය නැංවිමට සැලසුම්

– ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන්

 

05 ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් කරා  

 සියලු දිස්ත්‍රික්කයන්හි ඇති ආයෝජන අවස්ථා හදුනාගෙන ඒ සඳහා අවසර දීම රජය මගින් සිදුකර විදෙස් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිම.

 

 එම්සීසී ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක්  සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම.

 රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.

 පසුගිය රජය මගහැර තිබූ දැවැන්ත ආයෝජන අවස්ථා නැවත රටට ලබා ගැනීමට කටයුතු කිරීම

සැමට පොදු නීතියක් වෙනුවෙන්

 ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ දී පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට බලපෑමක් නොවන පරිදි  සුපරික්ෂාකාරීව හා නීතියට අනුකූලව ක්‍රියා කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දීම.

උද්ගත වූ හදිසි අවස්ථාවලට කඩිනම් විසදුම්

 කොරෝනා වෛරසය පැතිර යමින් තිබු චීනයේ වෙසෙන සියලු සිසුන් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගැනීම සහ ශ්‍රී ලාංකීය ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීම.

 වුහාන් නගරයේ සිටි සිසුන් සිය රට ගෙන්වා ගත් සිව්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමින් ජාත්‍යන්තරව රටට පිළිගැනීමක් ලබාදීම.

විශේෂ සිදුවිම්

 උද්ඝෝෂණයක් අතරට පැමිණි මෙරට පළමු සහ එකම පාලකයා ලෙස ඩෙංගු මර්දන උද්ඝෝෂණකරුවන්ට හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු සොයා බැලීම.

 වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිරකරුවන්ගේ තොරතුරු සොයා බැලීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් කිරීම.

 

 

දිලිනි සමන්මලි 

 

Post Views: 1
Previous Post

පොහොට්ටු යකඩ සපත්තුවෙන් මිදිලා අපි එක්ක එකතු වෙන්න – සජිත්ගෙන් ශ්‍රීලනිපයට ආරාධනා !

Next Post

තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹෙයි

editor

editor

Next Post

තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved