27 April 2024
#දේශීය

තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹෙයි

තල් සංවර්ධන මණ්ඩලය හා වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක් ඇරඹීම පිළිබද අවබෝධතා ගිවිසුමක් ඊයේ (24) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී අත්සන් කර තිබේ.

ඒ, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ සහ වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් මෙම අවබෝධතා ගිවිසුම හුවමාරු කර තිබේ.

දෙමළ බසින් පවත්වනු ලබන මෙම පාඨමාලාව මගින් ප්‍රථම අදියරේදී තරුණ, තරුණියන් 135කට ප්‍රතිලාභ ලැබෙන අතර පුහුණු පාඨමාලාවේ කාලසීමාව මාස 3 කි.

යාපනය කයිතඩි ප්‍රදේශයේ පිහිටි තල් සංවර්ධන මණ්ඩලයට අයත් තල් පර්යේෂණ ආයතනයේදී මෙම පාඨමාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වෘත්තීය පුහුණු අධිකාරිය මෙම පාඨමාලාවෙහි වෘත්තීයභාවය පිළිබද නිර්ණායක සකස් කිරීම හා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් නිකුත් කිරීම ආදී කටයුතුවලට මැදිහත් වෙයි.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *