අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවා ඇති බව මුදල් , ආර්ථීක සහ ප්රතිපත්ති සංවර්ධන අමාත්යංශය පවසයි.
එම අමාත්යංශය කියා සිටියේ ඒ අනුව ලොකු ලූණු කිලෝ ග්රෑම් එකක් සඳහා රුපියල් 60ක් පැවැති රජයේ අවම සහතික මිල ඒ අනුව රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇති බවයි.
ලොකු ලූණු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේ දී ගොවීන්ට සාධාරණ මිලක් හිමි නොවූ අතර, ඒ හේතුවෙන් ඔවුන් ලොකු ලූණු වගා කටයුතුවලින් බැහැරවීමේ ප්රවණතාවක් ද දක්නට ලැබිණි. එබැවින් ලොකු ලූණු අස්වැන්න පහත වැටුණු අතර විදේශ විනිමය විශාල ප්රමාණයක් ලොකු ලූණු ආනයනය වෙනුවෙන් වැය විය.
දිලිනි සමන්මලි