27 April 2024
#දේශීය

වැරදි අයව පාර්ලිමේන්තුවට යවලා වරද්ද ගන්නෙපා – දුමින්ද කියයි

පාර්ලිමේන්තු මැතිවරණයේදී නිවැරදි පිරිසක් පාර්ලිමේන්තුවට යෑවිමට කටයුතු කල යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මැදවච්චිය ප්‍රදේශයේ අද (05) පැවැති ජන හමුවක් අමතමින් කියා සිටියේ අනුරාධපුරයෙන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වැඩි කල යුතු බවයි. එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙලකට සහාය දැක්වීමට නම් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් අවශ්‍ය ඇති බවත් එයට ජනතාවගේ සහාය අවශ්‍ය බව හෙතෙම පැවසිය.

එසේම සමහරු වේදිකාවල කියා සිටින්නේ තමන්ගේ මනාප රැක ලබා ගැනීමට බව ඔහු අනාවරණ කලේය. ඇතැම් පිරිස් විසින් අන් අයගේ රැස්වීම්වලට සහභාගී නොවන ලෙසත් පවසමින් ඡන්ද කඩන පිරිසක් සිටින බව දිසානායක මහතා පවසා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිවලට ගැලපෙන පිරිස් පාර්ලිමේන්තුවට යවන ලෙසත් වැරදි අයව පාර්ලිමේන්තුවට යවලා වරද්ද ගන්නෙපා යැයි දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *