ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් මහජනතාවට විවෘත නොකරන බව පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යංශයේ ලේකම් සරත් විජේසිංහ මහතා පවසයි.
ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින උද්‍යාන සහ සත්වෝද්‍යාන මෙලෙස ජනතාවට විවෘත නොකෙරෙනු ඇති බවයි.
මේ අනුව හෙට සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය මෙන්ම රිදියගම සෆාරි උද්‍යානය යන ආයතන මහජනතාව වෙනුවෙන් විවෘත නොකෙරෙනු ඇත.
දිලිනි සමන්මලි