27 April 2024
#දේශීය

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 10 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තැනැත්තන් ප්‍රමාණය 10 දක්වා ඉහළ ගොගොස් තිබේ. අද දිනය තුළ රෝගීන් 05 කු පිළිබද වාර්තා වී ඇත.

මේ බව අතර අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ ජනතාව වැඩියෙන් ගැවසෙන සියළු කටයුතු නවත්වන ලෙසය.
මින් ඉදිරියට ජනතාව රැස්වන උත්සව පැවැත්වීම සඳහා පොලීසියේ අවසරය ලබාගත යුතු බව, ඇය පිවසීය.
ඒමෙන්ම කොළඹ, හලාවත පදවිවලට අයත් කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් සති දෙකකට නොපැවැත්වීමට තීරණය කර තිබේ.
ජාතික සත්වෝත්ද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භීත උද්‍යාන දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලය තුළ විවෘත නොකීරීමට පියවර ගෙන තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *