• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

කොරෝනා ආසාදනයවූවන් 271 ක් වෙයි

19 April 2020
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද (19) මේ වන විට මෙරට කොරෝනා ආසාදනය වූ තැනැත්තන් ප්‍රමාණය 271 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඒ අනුව අද දිනය තුළ පමණක් වෛරසය ආසාදනය වූවන් 17 ක් සොයා ගෙන ඇති අතර ඔවුන් කොළඹ ප්‍රදේශයෙන්ය.

ප්‍රතිලාභ සහයෝගයෙන් භුක්ති විඳින්න 

මේ අතර  රජය විසින් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන යටතේ  වැඩිහිටි, ආබාධිත, සමෘද්ධි හා වකුගඩු ආදී දීමනාවන් ලබාදීම මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මකව පවතී. 

එම වැඩසටහනේම දිගුවක් ලෙස කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ජනතාවටද සහන සැලසීමට රජය පියවර ගෙන ඇත.

මෙම සමාජ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලබා එහෙත් මේ දක්වා ප්‍රතිලාභ හිමි නොවූ අයවළුන්ට අදාළ මුදල් ප්‍රතිලාභ ලබාදීම අප්‍රේල් 20 / 21 දෙදින තුළ දිවයින පුරා සිදු කිරීමට නියමිතය. 

ඒ අනුව, හැකි සෑම අවස්ථාවකදීම අදාළ නිලධාරීන් විසින් ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලටම ගොස් අදාළ මුදල් ලබාදීමට කටයුතු කරනු ඇත. 

නමුත් යම් ප්‍රායෝගික තත්වයන් හේතුවෙන් අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා ප්‍රදේශයේ පොදු ස්ථාන හෝ කාර්යාල යොදා ගන්නේ නම් ඒ සියලු අවස්ථාවන්හිදී කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට ලබාදී ඇති සියලු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළ යුතු බව රජය අදාළ සියලු පාර්ශ්වයන්ට දැනුම් දෙයි.

එනම්, එම ස්ථානයන්හි ජනතාව එක්රැස් නොවීමට සහ සෑම අවස්ථාවකදීම පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීමට කටයුතු කළයුතුය. ඒ අනුව පොදු ස්ථානයන්ට ජනතාව කැඳවන්නේ නම් කුඩා කණ්ඩායම් සඳහා වෙන් වෙන් වූ නිශ්චිත වේලාවන් ලබාදී කැඳවීම වැනි යම් සංවිධානාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස රජය අදාළ සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, එම ලබාදෙන උපදෙස් වලට අනුගතව කටයුතු කරන ලෙස අදාළ ප්‍රතිලාභ අපේක්ෂිත මහජනතාවගෙන් රජය ඉල්ලා සිටී.

එසේම,කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වී සහන ලැබිය යුතු සියලුම කණ්ඩායම් වලට අදාළ ප්‍රතිලාභ හිමිකරදීම රජයේ අරමුණයි. ඒ අනුව, දැනට ප්‍රතිලාභ වලට හිමිකම් ලැබිය යුතුයැයි හඳුනාගෙන ඇති කණ්ඩායම් වලට අමතරව එම සහනය තවදුරටත් ලැබිය යුතු යැයි රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් 20 හා 21 දෙදින තුළ හඳුනාගන්නා ජීවනෝපාය අහිමි වී සිටින අනෙකුත් කණ්ඩායම් සඳහාද  අප්‍රේල් මස 22 දින වනවිට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂිතය. 

එසේම අප්‍රේල් 20 හා 21  යන දෙදින තුළ සහනාධාර ලබාදීමෙන් පසු, තවදුරටත් සහනාධාර ලැබිය යුතුයැයි අභියාචනා ඉදිරිපත් කර ඇති අයවලුන්ටද සුදුසුකම් සපුරන්නේ නම් අප්‍රේල් 22 දින එම දීමනා ගෙවීමට කටයුතු කරනු ඇත. 

එහෙයින් අනවශ්‍ය කලබල වීමකින් තොරව සහ පීඩනයකට පත්වීමකින් තොරව, සෑම විටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අදාළ නිලධාරීන් සමග සහයෝගයෙන් මෙම ප්‍රතිලාභ ලබාගැනීමට කටයුතු කරනලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Post Views: 0
Previous Post

නාථ දෙවියන්ගේ time table එකට මැතිවරණයට දින දෙන්න එපා – හිටපු ඇමති මංගල

Next Post

එක් දිනක් තුල වැඩිම ආසාදිතයන් ගණන අද : මහ මැතිවරණය ගැන තීරණාත්මක සාකච්ඡාව 1ට !

editor

editor

Next Post

එක් දිනක් තුල වැඩිම ආසාදිතයන් ගණන අද : මහ මැතිවරණය ගැන තීරණාත්මක සාකච්ඡාව 1ට !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved