යල කන්නය අස්වැද්දීම සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස්දහසක් ගෙන්විමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (30) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පොඩි මෝල් වී ඉල්ලයි
මේ අතර රටතුල සමස්ථ සහල් ඉල්ලුමෙන් සීයට හැටක් සපයන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් 90% මේ වනවිට වී තොග නොමැතිව අකර්මණ්‍ය වී ඇතැයි සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ අතර
දැනට රටතුල පවතින සහල් හිගයට හේතුව සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් වලට වී නොමැති වීම බව පෙන්වා දුන් ඔවුන් හැකි ඉක්මණින් තමන්ට වී තොග නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
සතොස සහ සමූපකාර වල නාඩු සහ සම්බා සහල් හිගයක් ඇතිවෙමින් තිබෙන බව පෙන්වා දෙන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා අතිරික්තයක් ඇති බවද කියති. මෙම අවස්ථාවේ ජනතාව කීරි සම්බා පරිභෝජනය නොකරන බව පෙන්වා දෙන ඔවුන් මහාපරිමාණ වී මෝල් හිමියන්ට සැපයීමට හැකිවී ඇත්තේ රටේ සහල් ඉල්ලුමෙන් සීයට විසිපහක ප්‍රමාණයක් පමණක් බවද එහිදී පැවසිණ.
මීට මාස කීපයකට පෙර කීරි සම්බා වී මිළ නාඩු සහ සම්බා වී මිළට වඩා අඩු අගයක් ගත් බව පවසන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා මිළ රුපියල් 125 ක් වීම හේතුවෙන් මේ වන විට මහා පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා කිලෝවකින් සමාන්‍යයෙන් ලබන ලාභයට අමතරව රුපියල් 20-25 දක්වා අමතර ලාභයක් ලබන බවත් සඳහන් කෙරිණ.