27 April 2024
#දේශීය

නාවලපිටිය සභාපති (එජාප ) ඇඳිරි නීතිය කඩලා බූරු ගහලා

නාවලපිටිය නගර සභාවේ සභාපති    සසංක සම්පත් සංජිව (එක්සත් ජාතික පක්ෂය)  ඇතුළු හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි ඊයේ (30) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 ගිනිගත්හේන සහ වටවල  පොලිස් නිලධාරීන්  මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

වාර්තා වන ආකාරයට නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ඔහුගේ සමීපතම හිතවතුන්  7දෙනෙකු ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව සංචාරක හෝටලයක නිරොධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් බීමත්ව මුදල් ඔට්ටුවට සුදු ක්‍රීඩා කරමින් සිටින බවට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලිස් ස්ථාන වල නිලධාරින් එකාබද්ධව වැටලිමක් සිදු කර සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
 
වැටලිම සිදු කරන අවස්තාවේ මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කිරිමට භාවිතා කල මුදල් , රා බෝතල් කිහිපයක්  සහ සභාපතිවරයාගේ පුද්ගලික වාහනය සහ ඔහුගේ හිතවතුන් පැමිණි මොටර් රථ දෙකක්  පොලිස් භාරයට ගෙන ඇත.
 
වැටලිම සිදු කරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගිය බවත්, එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර  සංචාරක හෝටලයේ මුරකරුද වන අතර , සෙසු සැකකරුවන් නාවලපිටිය , නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය , සහ හැටන් ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *