ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීමට ස්වාධීන මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) සහ හෙට (19) යන දෙදින සලකා බැලීමට නියමිතව තිබේ.
පසුගියදා රැස්වූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දින නිකුත්කළ අතර ඒ අනූව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ එම පෙත්සම් සලකා බැලීම සිදුවනු ඇත.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ එහි සෙසු සාමාජිකයින් වේ.
හිටපු අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලි චම්පික රණවක, කුමාරවෙල්ගම මෙන්ම , නීතීඥ චරිත ගුණවර්ධන ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් නීතිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව රැසක් වගඋත්තරකරුවන් කරමින් පෙත්සම් ඉදිරිපත් කර ඇත.
එම පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් 11ක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති බවත් වාර්තා වෙයි.