ඉදිරියේදී සයිබර් ප්රහාරවලට ඉතා පහසුවෙන් ගොදුරුවියහැකි රාජ්ය හා රාජ්ය නොවන වෙබ් අඩවි විශාල ප්රමාණයක් හදුනාගැනීමට ඇති බව ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
එම සංගමය පවසන්නේ මෙරට තුල තිබෙන බොහොමයක් වෙබ් අඩවි යල්පැනගිය වසර පහකට වඩා කාලයක් තිස්සේ යාවත්කාලීන නොකරන ලද ඒවා බව අනාවරණ වී ඇති බවයි. ඇතැම් වෙබ් අඩවි අවසන්වරට යාවත්කාලීන කර ඇත්තේ 2015 වර්ෂයේදී පමණ වේ.
මෙසේ යල්පැනගිය වෙබ් අඩවි පැවතීම සයිබර් ප්රහාරකයන්ට අත වැනීමක් වන අතර මෙම වෙබ් අඩවි පිලිබදව උනන්දුවක් දැක්වීමට වගකිවයුතු පාර්ශව කටයුතු කරනු ලබන්නේ එම වෙබ් අඩවි වලට යම් ආකාරයක් සයිබර් ප්රහාරයක් එල්ලවූ විටදී පමණක් වීම කණගාටුවකට කරුණක් බව ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියා සිටියේය.
සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්රී ලංකාව තුල නව නීති සම්පාදනය වන වාතාවරණයක් තුල ශ්රී ලංකාවේ ක්රියාත්මක වන වෙබ් අඩවි වල ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බව අප ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.