• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජය ගන්නා තීන්දු ජාති, පක්ෂ ඉලක්ක කරගෙන සිදු කරන්නේ නෑ – නැගෙනහිර ආණ්ඩුකාර පවසයි

11 June 2020
in දේශීය

රජය ගන්නා තීන්දු තීරණ ජාතියක් ඉලක්ක කර ගනිමින් හෝ දේශපාලන පක්ෂයක් ඉලක්ක කර ගනිමින් සිදුනොකරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනාගේම සහයෝගය ඒ සඳහා ලැබිය යුතු බවද ආණ්ඩුකාරවරිය කීවාය.

ඇය මේ බව පැවසුවේ මඩකලපුව නගර සභා බල ප්‍රදේශයේ නාගරිකකාණු පද්ධතිය පිළිසකර කිරීමේ විශේෂ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (10) පෙරවරුවේ එක්වෙමිනි.

මඩකලපුව නගර සභා බල ප්‍රදේශයේ කාණු පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන් ගොඩ වීම හේතුවෙන් ජලය බැසයාමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ. එම නිසා ඉදිරියේදී වර්ෂාපතනයට මුහුණ දීම සඳහා මෙම කානු පද්ධතිය සම්පූර්ණයෙන් පිළිසකර කළ යුතුව තිබේ. එසේ නොවුණහොත් මඩකලපුව නගරය ජලයෙන් යටවීමට ඉඩ ඇති අතර ඩෙංගු මදුරුවන් බෝවීමද සීඝ්‍රයෙන් ඉහළ යා හැකිය. එම අවදානම් තත්වයට මුහුණ දීම සඳහා නාගරික කානු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට ආණ්ඩුකාරවරිය අදාළ බලධාරීන්ට නියෝග කර තිබුණි.

එහිදී මාධ්‍ය අමතමින් ආණ්ඩුකාරවරිය මෙසේ අදහස් පල කලාය “කෝවිඩ් වසංගතය රජය ඉතා සාර්ථකව මැඩපැවැත්වුවා සේම ඩෙංගු උවදුර ද සාර්ථකව මැඩපැවැත්වීමට කටයුතු කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව මුළු රටේම ඩෙංගු අවදානම තුරන් කිරීමේ ස්ථිර වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවමින් තිබේ. ඒ සඳහා අපි සියලු දෙනාගේ සහාය ලබාදිය යුතුයි. සංවර්ධන වැඩකටයුතු සහ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී එම කිසිදු තීන්දුවක් පක්ෂ පාට භේද හෝ දේශපාලන පක්ෂ පදනම් කරගනිමින් සිදු කළ යුතු නැහැ. අපේ රජයේ වැඩ පිළිවෙල සාර්ථක වෙන්න බලපාන ප්‍රධාන කාරණාව තමයි ඒක. පලාතක් විදියට අපි ඩෙංගු උවදුර මැඩලීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා තමයි අපි මේ කාණු පද්ධතිය පිළිසකර කරන්නේ. මේ සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය අපිට ලැබිලා තියෙනවා. එය මේ වෙලාවේ අගය කළ යුතුයි.” යයිද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත වනිගසේකර, සේරුවිල සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී කර්නල් සරත් ගුණසේකර, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

මහේෂ් කිර්තිරත්න

 

Post Views: 11
Previous Post

මහමැතිවරණය අගෝස්තු 05

Next Post

මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඉදිකිරීමට යොමු වන්න – ජනපතිගෙන් උපදෙස්

editor

editor

Next Post

මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඉදිකිරීමට යොමු වන්න - ජනපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved