අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් සිව්දෙනාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.
පසුගිය 25 වනදා සහ 26 වනදා දින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ උප පොලිස් පරික්ෂකවරයාගේ, පොලිස් සැරයන්වරුන් දෙදෙනා සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ පොලිස් අධිකාරි විසින් කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.