27 April 2024
#දේශීය

එදා මහින්ද පරාද කලේ ජාත්‍යන්තර කුමන්ත්‍රණවලින් – ජොන්ස්ටන් කියයි

එදා විපක්ෂය ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් ජාතිවාදය නිර්මාණය කරලා 2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කල බව කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට සහය දීම වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් සංසදය විසින් සංවිධානය කර තිබූ උත්සව සභාව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “2015 දී මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කරල ගෙදර යැව්වා .නමුත් පසු කාලීනව ජනතාව තේරුම් ගත්තා ඔවුන් එදා ගත් තීරණය වැරදි බව .එම නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී ඔවුන් වැරදි තීරණය නිවැරදි කළා .මහින්ද රාජපක්ෂ මැතිතුමාට කෘතගුණ සැලකීමක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ රජතුමාව මේ රටේ ජනාධිපති කළා . නැවතත් විපක්ෂය මහින්ද රාජපක්ෂ මැතිතුමා දිහා ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් බලනවා .මල්ලි ජනාධිපති අයියා අගමැති කියලා මේ දෙන්නාට මට ගහනවා .අපේ රටට මෙවැනි අයියා මලෝ සුසංයෝගයක් ලැබුණේ අපේ වාසනාවකට .එක්සත් ජාතික පක්ෂයේ පෙරුම් පුරාගෙන බලාගෙන හිටියේ මේ කොයි වසංගත නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් මියයයි කියලා.එතකොට ඔවුන්ට පුළුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න .ඔහුගේ පාලනය විවේචනය කරන්න .නමුත් අපේ අතිගරු ජනාධිපතිතුමා උපක්‍රමශීලීව සියලු දෙනා දෙනාගේම සහයෝගය ඇතිව කොවිඩ් වසංගතය අපේ රට ආරක්ෂා කළා .මේවා සංගතිය පාලනය කිරීමට ඔහු ගත් තීන්දු තීරණ වලින් අපට එතුමාගේ පරිණත නායකත්වය පිළිබිඹු වෙනවා .මේ රාජපක්ෂ පවුල නොසිටින්න ඔබටත් මටත් ජීවත් වෙන්න රටක් ඉතුරු වෙන්නේ නෑ .එදා සේනාධි නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිවැරදි තීන්දුව නොගත්තේ නම් අදටත් අපි ප්‍රභාකරන්ගෙ වහල්ලු .මේ රාජපක්ෂ පවුල කියන්නේ අපේ රට ආරක්ෂා කර මුර දේවතාවන් බඳු පවුලක් .ඔබ සිල්ලර දේවල් සඳහා පෙනී නොසිටින්නේ බුද්ධිමත්ව තීරණය ගන්න .

Leave a comment

Your email address will not be published. Required fields are marked *