• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් රජය විසින් LRT ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධව චම්පික ජපානයට කනගාටුව පල කරයි

18 October 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළකරමින් හිටපු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදේ සුගා මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

චම්පික මහතා පැවසුවේ මෙම සැහැල්ලු දුම්රිය සේවය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උදෙසා මෙතෙක් සිදුකල වඩාත් ඉහළම බලපෑම් සහගත, උපායමාර්ගික වශයෙන් විචක්ෂණශිලී සහ මූල්‍ය වශයෙන් වඩාත්ම ලාභදායක, ජපන් මූල්‍ය සහයෝගීතාවය මත ඉදිකිරීමට නියමිතව තිබූ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදේ සුගා මහතා වෙත යොමු කල සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

2020 ඔක්තෝම්බර් මස 12 වනදා
අතිගරු යොෂිහිදේ සුගා මහතා,
ජපානයේ අග්‍රාමාත්‍ය

ජපානයේ මූල්‍ය සහයෝගීතාවය මත ක්‍රියාත්මක කෙරෙමින් පැවති සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නතර කිරීම සම්බන්ධයෙනි.

මම පළමුව ඔබතුමාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් උණුසුම් සුභාශිංසන පිරිනමමි.

වගකීම් සහගත ජනතා නායකයෙකු වශයෙන් සහ ජපන් මූල්‍ය සහයෝගීතාවය මත ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියේ (LRT) ආරම්හකයා මෙන්ම එම ව්‍යාපෘතිය භාරව ක්‍රියාකල ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයා වශයෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රවාහණ ක්ෂේත්‍රය උදෙසා මෙතෙක් සිදුකල වඩාත් ඉහළම බලපෑම් සහගත, උපායමාර්ගික වශයෙන් විචක්ෂණශිලී සහ මූල්‍ය වශයෙන් වඩාත්ම ලාභදායක ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් මාගේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ කණගාටුව ඔබතුමන් වෙත පළකරමි.

 

ශ්‍රී ලංකාව ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින රථවාහන තදබදය හේතුවෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටියි. 2016 වර්ශයේදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව අප රටෙහි ප්‍රවාහනය වෙනුවෙන් දරන්නා වූ ජාතික පිරිවැය සීග්‍රයෙන් ඉහළ යමින් පවති. එය දළ දේශීය නිශ්පාදිතයෙන් 12%ක තරම් වූ ඉහළ අගයක් පසුකරමින් ඉතා දරුණු අර්බුදයක් දෙසට ගමන් කරමින් සිටින අතර 1990 දශකයේදී ආසියාවේ බොහෝ ආර්ථිකයන් මුහුණදුන් ආකාරයේ දරුණු ආර්ථික පසුබෑමකට හේතුවිය හැකි කරුණක් බවට පත්වෙමින් තිබේ. මෙම තත්වයට පිලියමක් සෙවීම පිණිස ජපානයේ ජයිකා(JICA) ආයතනයේ මූල්‍ය දායකත්වය මත 2008 – 2012 වර්ශයන්හීදි සිදුකල සමීක්ෂණයකට අනුව බස් ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය (BRT), බස් නව්‍යකරණ වැඩපිළිවෙල, දුම්රිය විදුලියෙන් ධාවනය වන ආකාරයට නවීකරණය කිරීම, දුම්රිය ද්විත්ව මාර්ග සංවර්ධනය සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීම යන සමෝධානික උපායමාර්ගික වැඩපිළිවෙලක් යෝජනා කරන ලදි.

 

පසුව ජපානයේ සහ ශ්‍රී ලංකාවේ විශේෂඥයින් එක්ව 2015-2016 වර්ශයන්හිදී “කොම්ට්‍රාන්ස්” නාගරික ප්‍රවාහන ප්‍රධාන සැලසුම ප්‍රකාරව සිදුකල ගැඹුරු අධ්‍යයනයකින් පසුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) උපායමාර්ගික වශයෙන් වඩාත්ම වාසිදායක ව්‍යාපෘතිය ලෙස හදුනාගන්නා ලදි. ආරම්භයේදී සැහැල්ලු දුම්රිය මාර්ගයන් ඉදිකල යුතු නාගරික කලාපයන් හතක් හදුනාගනු ලැබූ අතර පසුව එය කලාප 4ක් දක්වා සම්පින්ඩනය කරනු ලැබීය. ඒ අතරින් කොළඹ කොටුව සහ කඩුවෙල දක්වා වූ මාර්ගය ඉදිකිරීම සදහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට තීරණය විය. ජපානයේ ජයිකා ආයතනය(JICA) මෙම ව්‍යාපෘතිය සදහා 0.1%ක ඉතාම වාසිදායක වාර්ශික පොලී අනුපාතයක් යටතේ අරමුදල් සැපයීමට ඉදිරිපත් වූ අතර ව්‍යාපෘතියේ උපදේශණ සේවා වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම සදහා වූ වාර්ශික පොළී අනුපාතය 0.01% තරම් කුඩා අගයක් විය. ඒසේම ණය ගෙවීම සදහා වසර 14ක සහන කාලයක් සේම වසර 40ක් තරම් දිර්ඝ ණය ගෙවීමේ කාලසීමාවක් ලබාදෙන ලදි. පසුගිය දශකයක කාලසීමාවේදී ශ්‍රී ලංකා රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා දියත්කල ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යමය සහය ලබාගැනීම සදහා 6%-7% වැනි ඉහළ පොළී අනුපාතයන් යටතේ වාණිජ ණය ලබාගත් තත්ත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක ව්‍යාපෘතියක් විය.

 

ශ්‍රී ලංකා රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යෘංශයේ සහ ජපානයේ ජයිකා ආයතනයේ සහයෝගීතාවය මත වසර දෙකක කාලයක් තුලදී සියලූම ශක්‍යතා අධ්‍යයන, ණය ගිවිසුම් සකස් කිරීම සහ ව්‍යාපෘති ආරම්භය කාර්‍යක්ෂමව සිදුකිරීමට හැකියාව ලැබුනු අතර එය ජයිකා ආධාර යටතේ ලෝකයේ සිදුකල වේගවත්ම ව්‍යාපෘති ආරම්භය ලෙස සැලකේ. 2024 වනවිටදී පැයකට මගීන් 30,000කට සේවය සපයමින් කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ මූලික පරමාර්ථය සහිතව මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පැවතිණි. නමුත් වර්තමාන රජය විසින් හදිසියේම මෙම ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කර ඇති අතර ඊට හේතු කවරේද යන්න දැනුවත්ව ඇත්තේ ඔවුන්ම පමණි.

 

ජපානය පසුගිය වසර 70 පුරාම ශ්‍රී ලංකාවේ හොද මිත්‍රයෙකු විය. ජපානය දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන සහකරු බවට පත්වූ අතර අන්තර්ජාතික වශයෙන් අනිසි දේශපාලනික හෝ ආර්ථික බලපෑම්වලින් තොරව එම සහාය අපවෙත ලබාදෙන ලදි. දෙරටේ ජනතාව සෑම විටකදීම පාහේ එකිනෙකා කෙරෙහි ඉතාමත් ඉහළ මිත්‍රශීලීභාවයක් සහ ගෞරවයක් පවත්වාගෙන යන ලදි. එවන් තත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය නතර කිරීම සදහා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දුව හේතුවෙන් ජපාන රජයට සහ එහි ජනතාවට යම් හෝ අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් මාගේ කණගාටුව ප්‍රකාශ කරමි. දෙරට අතර වූ අනොන්‍ය සහයෝගීතාවය සහ දෙරටේ ජනතාව අතර වූ දැඩි මිත්‍රශීලීභාවය මෙම සිදුවීමෙන් පළුදු නොවී දීර්ඝ කාලීනව පවතිනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

 

මෙයට හිතවත්,
පාඨලී චම්පික රණවක – පා.ම

 

Post Views: 22
Previous Post

රොෂාන් රාජපක්ෂ ජනාධිපති කාර්යාල විශේෂ පැවරුම් හා පාරිසරික කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධූරයට

Next Post

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2075 දක්වා ඉහලට

editor

editor

Next Post

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2075 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved