9 May 2024
#දේශීය

බස්නාහිරින් පිටව ගිය 454 ක් හදුනාගැනේ – පොලිසිය

ඇඳිරිනීතිය පැනවීමට පෙරදින බස්නාහිර පළාතෙන් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට පිටව ගිය පුද්ගලයින් 454 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද (31) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ බණ්ඩාරවෙල, මඩකලපුව, අම්පාර, යාපනය, තංගල්ල සහ නුවරඑළිය යන ප්‍රදේශවල සංචාරක නිකේතනවල රැඳී සිටි පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවයි.

ඇඳිරිනීතිය පැනවීමට පෙර පසුගිය 29 සහ 30 යන දිනවලදී බස්නාහිර ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශවලට ගිය පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බවත් නැවත සඳුදා දිනයේ දී ඔවුන් බස්නාහිර පළාතට ඇතුළුවන අවස්ථාවේ දී දැඩි පරීක්ෂාවකට ලක්කරන බව මාධ්‍ය ප්‍රකාශකරයා පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *