27 April 2024
#දේශීය

කොරෝනා රෝගින් රෝහලේ ඉන්නවාට වඩා වැඩි ප්‍රමාණයක් එලියේ ඉන්න පුලුවන් – වෛද්‍ය ජයරුවන්

කොරෝනා රෝගින් 5000 ක් මේ වන විට රෝහල්වල සිටින අතර එලියේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

මිනුවන්ගොඩ ආසාදිතයින් වාර්තා වීමත් සමඟ රටේ අනෙකුත් පලාත්වලින් ද එවැනිම තත්ත්වයක් උද්ගත වු බව හෙතෙම පැවසිය.

පෞද්ගලික රුපවාහිනි මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේ මේ අවස්ථාවේදී කොරෝනා වෛරසය සම්බන්ධව ගිලිහි ගිය අවධානය නැවත අවධානය ගත යුතු බවයි.

එසේම ජනතාව වඩාත් සුරක්ෂිතව මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සිදුවිය යුතු බව වෛද්‍ය ජයරුවන් මහතා පවසා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *