කොරෝනා වෛරසය ආසාදනය වු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඒ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබුණි.
බන්ධනාගාර අභ්‍යන්තර තොරතුරු වාර්තා කියා සිටියේ ශානි අබේසේකර කොළඹට මාරු කරන ලෙස විවිධ පාර්ශවලින් බලපෑම් එල්ල වු බවයි. ඔහු සාමාන්‍ය තත්ත්වයේ පසුවන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
දිලිනි සමන්මලි