• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2021 වසරේදී බලශක්ති ක්ෂේත්‍රය දැවැන්ත පරිවර්තනයක් සිදු වනවා – ඇමැති ඩලස්

27 November 2020
in සංවර්ධන

2021 එළඹෙන වසර මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම පරිවර්තනයක් සිදුවන වසරක් මෙන්ම, මෙවැනි කර්තව්‍යයන් තුළින් ඒ වෙනස මේ රටේ ජනතාවගේ සෞභාග්‍යමත් වෙනසත් බවට පත්කරන බව සහතික කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (27) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ අම්බලන්තොට විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ජනතා සේවයට පැවරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, “දැන් කොළඹ වයෝවෘද්ධයි. අඩුම තරමින් මළ නලයක්වත් එලාගන්නවත්, විදුලි රැහැන් පද්ධතියක් අදින්නවත් බැහැ.. ඒ විදියට කොළඹ වයෝවෘද්ධ වෙද්දි නව වානිජ අගනගරයක අවශ්‍යතාවය එදා අපේ ජනාධිපතිතුමා දැක්කා. ඒකට හොදම තැන හම්බන්තොට කියන එකයි එදා මහින්ද රාජපක්ෂ මහතා ගත්ත නිවැරදි තීරණය. එම තීරණය සැබෑ කරන ක්‍රියාන්විතයේ, විදුලිබල අමාත්‍යාංශයට පැවරෙන යුතුකමක් තමයි අද මේ ඉෂ්ඨ වෙන්නේ. මේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හම්බන්තොට නව වානිජ අගනගර සංකල්පයට දෙන විද්‍යාත්මක තල්ලුවක්.

හම්බන්තොට විදුලි පාරිභෝගික සංඛ්‍යාව 229,000ක් බවත්, නමුත් පියසි මත සූර්ය පැනල සවිකර තිබෙන්නේ 408ක් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා, සමෘද්ධි පවුල් 100000 ක නිවාස පියසි සූර්ය බලාගාර බලට පත්කිරීමට මෙවර අයවැයෙන් යෝජනාවී ඇති බැවින් පාරිභෝගිකයා ව්‍යවසායකයෙක් බවට පත් කිරීම, මෙවර සෞභාග්‍යයේ දැක්මේ නව අයවැයෙන් පැහැදිළිව පෙන්වා දී ඇතැයි පැවසීය. වසර 2013 දී ලක්විජය බලාගාරය විවෘත වීමෙන් අනතරුව, මෙරටට විදුලි බලාගාරයක් ඉදිවී නොමැති බවත්, මෙගාටොට් 300 කට අඩු ප්‍රමාණයක් පමණක් මෙම වසර 07 ඇතුළත ජාතික විදුලිබල පද්ධතියට එක්වී ඇති බවත් පැවසීය. වසරකට 5% කින් 6% කින් වර්ධනය වන විදුලි ඉල්ලුමේ අර්බුධයට මේ මොහොතේ රජයක් වශයෙන් මුහුණ දෙමින් සිටින අතර සැමට විදුලිය දීමේ මෙන්ම විදුලි බිලේ බර අඩුකරගැනීමේ ව්‍යායාමයක යෙදී සිටින බවත් පැවසූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ජනාධිපතිතුමා අමාත්‍යාංශක් හැටියට තමාට ලබා දුන් මේ අභියෝගය ඉතා නිර්භීතව බාරගෙන ඉටුකිරීමට, සූර්යබල, සුළං සහ කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය බාරව කටයුතු කරනු ලබන සිය සහෝදර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාත්, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමුඛ විදුලබල අමාත්‍යාංශයට සම්බන්ධ අනෙකුත් ආයතනයනුත් සම්බන්ධ කරගනිමින්, එකම පවුලක් ආකාරයෙන් කටයුතු කරන බවත් අවධාරණය කළේය.

වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, සාමාන්‍යාධිකාරි කීර්ති කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගි වූහ.

 

Post Views: 6
Previous Post

පාර්ලිමේන්තුවේ සේවකයෙකුට උණ ….. කොරෝනා අවධානමක් ද?

Next Post

විවිධ පාර්ශවයන්ගේ ඉල්ලීම් මත ශානිව IDH යවයි

editor

editor

Next Post

විවිධ පාර්ශවයන්ගේ ඉල්ලීම් මත ශානිව IDH යවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved