කොළඹ මහ නගර සභා සීමාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තියේ අඩුවීමක් දැකිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාව සිදු කිරීම තුලින් හදුනා ගන්නා රෝගින් ප්‍රමාණය අඩුවීමක් දැකිය හැකි බවයිවා.
එමගින් පැහැදිලි වන්නේ රෝග ව්‍යාප්ත වීමේ රෝගීන් ප්‍රමාණය අඩු වීමක් බව හෙතෙම පැවසිය.
ඒ වගේම පී.සී.ආර් පරික්ෂාව තුළින් දකින්න හැකියා තිබෙන්නේ ද වෛරස් ධාරිතාව අඩු වීමක් බව වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේය.
ඒ අනුව පැහැදිලි වන්නේ කොළඹ නගර සිමාව තුළ මේ රෝගය අඩු වීමක් බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.