• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා ගැන ගියපාර වුණ දේ මේ පාර වෙන්න දෙන්න එපා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදය

29 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සහෝදර පක්ෂ නායකයින් කැබිනට් අමාත්‍යවරු හැටියට අප ගෞරවයෙන් ඉල්ලා සිටිනේ පළාත් සභා සම්බන්ධයෙන් ගියවර කැබිනට් පත්‍රිකාවට වුණු කාරණය මෙවර වෙන්නට ඉඩ දෙන්න එපායැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.

එම සංසදය ඊයේ දින (28) කතරගම ප්‍රාදේශීය සභාවේ දී එම සංසදයේ සභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා පවසා සිටියේ පසුගිය ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල්දමලා අතුරුදන් කරලා දැන් අවුරුදු 04 කට ආසන්න කාලයක්ව ඇති බවයි.

එහිදී වැඩිදුරටත් ජයරත්න මහතා මෙසේ අදහස් පල කලේය ” පසුගිය ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල්දමලා අතුරුදන් කරලා දැන් අවුරුදු 04 කට ආසන්න කාලයක් වෙනවා. සියළු පළාත් සභා නිල කාලය අවසන් වෙලා තිබෙනවා. පළාත් සභා ක්‍රමය බිහි වෙලා දැනට වසර 33 ක් පමණ වෙනවා. අද ජනතා නියෝජිතයෝ නැතිව පළාත් සභා ක්‍රමය, යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. මේ කාල වකවානුව දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක්. අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන යොදා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම් කරන ලෙස. පසුගිය දිනවල විෂය භාර කැබිනට් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා ක්‍රම දෙකක් යෝජනා කරමින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කැබිනට් පත්‍රිකාවත් සතියකට කල් ඉල්ලලා තිබුනා එම කැබිනට් පත්‍රිකාව අධ්‍යයනය කළ යුතුයි කියලා. මේ වගේම දැනට මාස ගණනවකට ඉහතදීත් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනක බණ්ඩාර තෙන්නකොන් අමාත්‍යවරයා මේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ වෙලාවෙත් මෙම කැබිනට් පත්‍රිකාව පක්ෂ නායක රැස්වීමට යොමු කරලා වාද විවාද ඉදිරිපත් කරලා සම්මත කිරීමකින් තොරව කැබිනට් පත්‍රිකාව ඉදිරියට ගෙනගොස් තිබුනා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී සංසදය හැටියට අපි බොහොම ගෞරවයෙන් කියනවා අපි මේ ආණ්ඩුව හදන්නට සියළු සහෝදර පක්ෂ එකතු කරගෙන විශාල වැඩකොටසක් අපි ඉටු කළා. ඒ වෙලාවේ සියළු කටයුතු වලට ශක්තිය හයිය ලබාදුන්න සමහර සහෝදර පක්ෂ අද මුනිවත රැකීම බොහෝම කණගාටුදායක තත්ත්වයක්. කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සහෝදර පක්ෂ නායකයින් කැබිනට් අමාත්‍යවරු හැටියට විමල් වීරවංශ ගරු අමාත්‍යතුමා, උදයගම්මන්පිල අමාත්‍යවරයා, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, වාසුදේව නානායක්කාර මැතිතුමා ඇතුලු සහෝදර පක්ෂ නායකයින්ගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගියවර කැබිනට් පත්‍රිකාවට වුණු කාරණය වෙන්න දෙන්‍නේ නැතිව මෙවර අපට ක්‍රමවේදය කුමක් වුවත් අපට ගැටළුවක් නැහැ මේ මැතිවරණය පැවැත්වීම සදහා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පිරිසක් ලෙස මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතාවගේ අයිතිය ලබාදෙන්නට මැදිහත් වෙන ලෙස.” යැයි කංචන ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතා, හිටපු උතුරු මැද පළාත් මන්ත‍්‍රී වීරසේන ගමගේ හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී සම්මු ආරියවංශ මහතා, හිටපු පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක්

Next Post

ලිස්ට්වලින් බඳවා ගැනීම් අපේ රජයේ නැහැ- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

editor

editor

Next Post

ලිස්ට්වලින් බඳවා ගැනීම් අපේ රජයේ නැහැ- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved