• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෝට්සිටි පනත සම්මත කර රටේ ඉදිරි ගමනට සහාය දෙන්නැයි සියළු මන්ත්‍රීවරුන්ට අගමැතිගෙන් ආරාධනා

19 May 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපේ රටට ආදරය කරන, රටේ ඉදිරි ගමනට ආශිර්වාද කරන, සියලුම මන්ත්‍රීවරුන්ට පක්ෂ භේදයකින් තොරව පෝට් සිටි පනතට සහය ලබාදෙන ලෙස ඉතා ඕනෑකමින් ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සිදු කළ කථාව සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

ගරු කථානායකතුමනි,

අද දින කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත මේ ගරු සභාවට මා ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටිනි.

මෙම නව කොළඹ වරාය නගරය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 2014 වසරේ සැප්තැම්බර් 17 දින මාගේ ජනාධිපති ධූර කාලයේදී බව ඔබතුමා දන්නවා. එම ඉඳිකිරීම් කටයුතු සඳහා මුල්ගල තබන ලද්දේ මහජන චීනයේ ජනාධිපති ශී ජින් ජින්ග් මැතිතුමා සහ මා විසින් බවත් ඔබතුමා දන්නවා.

එලෙස ආරම්භ කළ එම දැවැන්ත ව්‍යාපෘතිය අද වන විට හෙක්ටෙයාර් 269 කින් සමන්විත භූමියක් ශ්‍රී ලංකාවට එකතු කිරීමට සමත්වී ඇති බවත්, අප සියලු දෙනාම දන්නවා. එම නව භූමිය, 2019 අගෝස්තු මස, පසුගිය රජය විසින් කොළඹ දිස්ත්‍රික්කයට එකතු කරන ලද අතර, මේ වන විට “කොළඹ වරාය නගරය” ලෙස හැඳින්වීමකින් ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත අවස්ථා රාශියක් එකතු කිරීමට අපට වටිනා අවස්ථාවක් උදා කර තිබෙනවා.

ගරු කථානායකතුමනි, මෙම නව ව්‍යාපෘතියෙන් නිසි ඵල නෙළා ගැනීමට නම්, එම නගර සංකීර්ණය හරහා විශාල ආයෝජනයක් රට තුළට ගලා ඒමට අවශ්‍ය වන නිතීමය සහ වාණිජමය රාමුව මනාව සකස් කිරීම අත්‍යාවශ්‍යයය. එසේ කිරීමට අප රජයට විශේෂ වගකීමක් දැන් පැවරී ඇති බව අප වටහා ගත යුතුය.
එම රාමුව නිසි ලෙස සකස් කරවීමට අපට හැකිවන්නේ නම්, ඒ හරහා, අප රටේ ආර්ථිකයට ඊළඟ වසර 5 තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 15 ක පමණ ආයෝජනයක් ලබා ගැනීමට හැකිවන්නේ යැයි ආර්ථික විශේෂඥයින් පවසා තිබෙනවා. ඒ සමඟම, නව නගරය ඉඳිකිරීම් කාර්යය සඳහා පුද්ගලයින් දෙලක්ෂයකට පමණ රැකියා හා ජීවනෝපාය අවස්ථාවන්ද මුල් වසර 5 දී බිහි කරන්නට හැකි වෙනවා. තවද, මුල් අවුරුදු 5 තුළ ක්‍රමක්‍රමයෙන් නව ස්ථීර රැකියාවන් අසුතුන් දාහක් පමණ බිහි කරන්නට ද අවකාශය උදා වන්නේ යැයි ආර්ථික විශේෂඥයින් ගණනය කොට තිබෙනවා.
ගරු කථානායකතුමනි, තම ආයෝජන ලෝකයේ ඕනෑම රටකට යොමු කිරීමට ආයෝජකයින්ට අද අවස්ථාව තියෙනවා. ඒ සමඟම, විදේශ ආයෝජන තම රටවලට ආකර්ෂණය කර ගැනීමට අද ලෝකයේ රටවල් අතර විශාල තරඟයක් තිබෙනවා. ඒ නිසා, ආයෝජන බලාපොරොත්තු වන රටවලින් ආයෝජකයන්ට ලබා දිය යුතු දිරිගැන්වීම්, පහසුතාවයන් සහ සේවාවන් ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුයි.
කොළඹ වරාය නගරය තුළත් එසේ වන්නට නම්, තම කාර්යන් සහ වගකීම් මැනවින් ඉටු කරන, දක්ෂ කොමිෂන් සභාවකින් මේ නගරය සහ එහි සේවාවන් කළමනාකරණය විය යුතුය. එමෙන්ම, මෙම නව නගරයට ආයෝජනය කිරීමට පිවිසෙන සියලුම ආයෝජකයින් අවහිරතාවයන් හෝ බාධා වලට භාජනය නොවී, තම ව්‍යාපාර කටයුතු වලට නිරතවීමේ වාතාවරණය සකස් විය යුතුය.
එසේ කිරීම සඳහා, දැනට අපේ රටේ බොහෝ ආයෝජකයින්ට සිදු වන අසාධාරණ බාධා, කාලය නාස්ති කිරිම්, අනපේක්ෂිත වියදම්, නිලධාරීවාදී ප්‍රමාදයන්, හදිසි ප්‍රතිපත්ති වෙනස් කිරීම්, යනාදිය මේ නව නගරයේදී අවම කිරීම අත්‍යාවශ්‍යයි.
මේ සඳහා විසඳුමක් වශයෙන් අප රජය යෝජනා කර ඇත්තේ එකම කවුළුවකින් (Single Window) මෙම නගරයට පිවිසෙන විදේශ ආයෝජකයින්ට අවශ්‍ය සියලුම සේවාවන් සහ පහසුකම් ලබා දී, ඔවුන්ගේ ආයෝජනය රටට ගලා ඒමට අවශ්‍ය යහපත් වාතාවරණය සැලැස්වීමයි.
ගරු කථානායකතුමනි, ඕනෑම ආයෝජකයෙකු තම ආයෝජනය කරද්දී බලාපොරොත්තු වන වාසීන් සහ අවශ්‍යතාවයන් තිබෙනවා. ඒවායෙන් කිහිපයක් සඳහන් කිරීමට මා කැමතියි.
තමා ආයෝජනය කරන රට පිළිබඳව තම විශ්වාසය තබාගත හැකි දේශපාලනික සහ ආයතනික වාතාවරණයක් තිබිය යුතුයි. එම රටේ ආරක්ෂාව සහ සාමය තිබිය යුතුයි. එම රටේ ආයෝජනය කිරීමට පහසු විය යුතුයි. එම රටේ ව්‍යාපාර කිරීමට ඇති පහසුතාවය ඉහළ මට්ටමක තිබිය යුතුයි. එම රටේ බදු සහන සහ වෙනත් දිරිගැන්වීම් තිබිය යුතුයි. එම රටේ සාර්ව ආර්ථික සාධක යහපත් මට්ටමක තිබිය යුතුයි. එම රටේ ආයෝජකයන්ට සහ ඔවුන්ගේ කණ්ඩායම් වලට සුරක්ෂිතව සහ ජාත්‍යන්තර මට්ටමකින් ජීවත්වීමට හැකියාව තිබිය යුතුයි. එම රටේ වරාය, ගුවන් තොටුපල, මාර්ග, විදුලිය, සන්නිවේදන පහසුකම් ඇතුලු යටිතල පහසුකම් ජාත්‍යාන්තර මට්ටමක තිබිය යුතුය. සෞඛ්‍ය සහ අධ්‍යාපනික පහසුකම් ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුයි. ක්‍රීඩා සහ විනෝදාංශ වාතාවරණය උසස් මට්ටමක තිබිය යුතුයි. අලංකාර නගර පරිසරයක් තිබිය යුතුයි.
එසේ නම්, අප රටට ආයෝජනය ආකර්ශණය කර ගැනිමට, මේවා සියල්ලම අප රට තුළ ආයෝජකයන්ට ලබා දෙන්නට අප කටයුතු කල යුතුයි.
ගරු කථානායකතුමනි, අප රටේ ව්‍යාපාර කිරීමේ පහසු තාවය පසුගිය රජයේ කාලය තුළදී විශාල පසුබෑමකට ලක්ව තිබු බව අකැමැත්තෙන් වුවත් අපට පිළිගන්නට සිදුවනවා.
2014 දී ලෝක බැංකුවේ “ව්‍යාපාර කිරීමේ පහසුතාවය” ජාත්‍යන්තර ශ්‍රේණියේ ශ්‍රී ලංකාව පසුවූයේ 85 වෙනි ස්ථානයේය. එහෙත්, 2019 වන විට ශ්‍රී ලංකාව 99 වෙන ස්ථානයට වැටී තිබුණා. 2014 දී අපි දකුණු ආසියාවේ පලමුවෙනි ස්ථානයේ සිටියද, 2019 වන විට, 4 වෙනි ස්ථානයට වැටී තිබුණා.
එහෙයින්, ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී අප රට යම් පසුබෑමකට ලක් ව තිබූ නිසා, එම තත්ත්වයෙන්ද අපි ඉතා ඉක්මනින් ඉහළ යෑමට වෑයම් කල යුතුයි. එසේ කරන්නට නම්, අප රට තුළ ආයෝජකයන්ට පහසු තාවයන් ඇති කරවීමට කටයුතු කල යුතු බව අවිවාදයෙන් පිළි ගන්නට අපට සිදු වෙනවා. එම ප්‍රයත්නයේ එක් මුලික අංගයක් වශයෙන්, අප රටෙහි මේ නව වරාය නගරය තුල ව්‍යාපාර කිරීමේ පහසුකම් ඉහළ මට්ටමකට ලක් කිරිමෙන්, ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ආකර්ශණය කර ගැනීමට අපට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.
එවගේම, එම නව ගැම්ම හරහා, සමස්ථයක් වශයෙන් රට පුරාම ව්‍යාපාර කිරීමේ අනිකුත් පහසුතාවයන්ද වැඩි කර ගැනීමට හැකිවීම මෙම ව්‍යාපෘතියෙන් ලබා ගත හැකි තවත් විශේෂ වාසියකි.
ගරු කථානායකතුමනි, 2006 සිට 2014 දක්වා වසර 9 ක කාලය තුළදී අප රට සංවර්ධනය වූ වේගය පිළිබඳව ඔබතුමා හොඳින් දන්නවා. ඒ කාලයේදී විවිධ අභියෝග මධ්‍යයේ වුවත්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 24 සිට බිලියන 79 දක්වා වැඩි කරගන්නට අපට හැකි වුණා. එහෙත්, ඊට පසු 2015 සිට 2019 වසර 5 තුළදී, අප රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 80 සිට බිලියන 82 දක්වා පමණයි. ඒ නිසා, අප රටේ ආර්ථික ප්‍රතිලාභ වර්ධනය වීම සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වුනා. කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට ඒ කාලයේදී එම රජය අසමත් වුනා.

2020 වසරේදී, අපි නැවත රජය භාරගත් පසුව මුලු ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතයට අපට මුහුණ දෙන්නට සිදුවුණා. රටේ ජනතාව කොවිඩ් උවදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 66 ක් තිස්සේ මුළු රටම වසා තැබීමට අපට සිදු වුනා. මුලු ව්‍යාපාර කේෂ්ත්‍රයටම දැඩි අභියෝග වලට මුහුණ දීමට සිදු වුනා.

ඒ හරහා, මුලු ලෝකයේම සිදුවූ ආකාරයට අප රටද පසුබෑමකට ලක්වෙමින්, 2020 වසරේදී සියයට 3.6 කින් ආර්ථිකය සංකෝචනය වුනා. ඒ නිසා, අප රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 82 සිට බිලියන 80 දක්වා තව දුරටත් අඩු වුනා. එසේ වුනත්, ජන ජීවිතය සතුටු දායක මට්ටමක අඛණ්ඩව පවත්වාගෙන යාමට අප රජය සමත් වුනා.

ගරු කථානායකතුමනි, රටක් හැටියට මෙම බැරැරුම් තත්ත්වයට දිගින් දිගටම මුහුණ දෙමින් අප රට නැවතත් කඩිසර වැඩ බිමක් බවට පත් කරන්නට අවශ්‍යයි. අපි දැනටමත් මාර්ග කිලෝමීටර් ලක්ෂය, “සැමට ජලය”, නව අධිවේගි මාර්ග ඉඳිකිරීම්, වැනි රට පුරා ක්‍රියාත්මක කරන දැවැන්ත ව්‍යාපෘති හරහා ආර්ථිකමය පිබිදීමක් ඇති කර ගෙන යනවා. ජනතාව අතර නැවත මුදල් පරිහරණය වීම ඇති කරවීම හරහා ව්‍යාපාරික විශ්වාසය ගොඩ නංවනවා. හම්බන්තොට වරාය ආශ්‍රිත කාර්මික කලාපයක් තුළින්, නව කර්මාන්ත නිර්මාණය කිරීමට අවස්ථා උදා කර දෙනවා. රට පුරා, ඖෂධ ඇතුළු අලුත් කර්මාන්ත කලාප දැනටමත් ඉදි කරනවා. එසේ කරමින්, රට නැවත සියයට 6 ක පමණ වර්ධන වේගයක් ඉක්මවා යන මාවතකට යොමු කරලීම අපේ බලාපොරොත්තුවයි.

ගරු කථානායකතුමනි, මෙම නව පෝට් සිටි නගරය පදනම් කොට ගෙන ඊළග අවුරුදු 5 තුළදී අප රට තුළට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ශණය කර ගැනීමට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ව්‍යාපාර කිරීමේ පහසුතා රාමුව, අද මේ නව පනත තුළින් අප ස්ථාපනය කරනවා. ඒ හරහා කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද, අප රටේ හැරවුම් ලක්ෂයක් අපට සනිටුහන් කරවීමට හැකිවනවා. මේ පනත තුළින්, එක කවුළුවකින් සියලුම සේවාවන් ආයෝජකයාට ලබාගැනීමට හැකිවන නිසා, අපේ බලාපොරොත්තුව වන්නේ ලෝකයේම ඉහළ පෙළේ ආයෝජකයන් අප රටට පිවිසෙන්නට යොමු කිරීමයි.

ගරු කථානායකතුමනි, අප රජය නිරන්තරයෙන් ජනතාවට සවන් දෙන රජයක් බව ඔබතුමා දන්නවා. ජනතා අදහස් අප අගය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරනවා. එහෙයින්, මේ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති සියලුම උපදෙස් හා නියෝග දෙවන කියවීමේදී එකතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම, ජනතා අදහස් හා අප සහෝදර පක්ෂ අදහස් වලටත් ඇහුම්කම් දෙමින්, මේ පනතට තවත් සංශෝධන එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
එයින් එකක්, මේ කොමිෂන් සභාවේ සංයුතිය පිළිබඳවයි. කොමිෂන් සභාවේ සංයුතිය බහුතරයක් ශ්‍රී ලාංකිකයින් විය යුතු යැයි යන යෝජනාව, පනත තුළින්ම තහවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම, කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෙකු විය යුතු යන මතය පනත තුළින්ම තහවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි සංශෝධනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍යතාවය පැන නැගීමට හේතුව පසුගිය රජය විසින් කරන ලද අඥාන පත්වීම් හරහා ශ්‍රී ලංකාවට සිදු වු දැවැන්ත පාඩු බව අපි දන්නවා. එම අත්දැකීම් වලින් බැට කෑ අපගේ ජනතාවගේ සිත් තුළ, අද, දැඩි බියක් ඇති වී තිබෙනවා. එම බිය සාධාරණ බවත් අප පිළිගන්නවා.
ඒ අතරම, මෙම වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් සියයට 75ක් වත් ශ්‍රී ලාංකිකයින්ට වෙන් විය යුතු යැයි යන සංශෝධනයද අප ගෙනෙන්නට බලාපොරොත්තු වනවා. එසේ කරනවාත් සමඟම, අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයින් සතු නොවන සමහර අවස්ථා වලදී, මෙම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබා දිය යුතු යැයිද අපි විශ්වාස කරනවා. ඒ අනුව, එවැනි විශේෂ අවස්ථා වලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට බලයක්ද පවරමින්, ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැලසෙන ආකාරයට මෙම පනත සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, 2015 සිට 2019 දක්වා කාලය තුළදීත්, පසුගිය රජය මෙම ව්‍යාපෘතියේ වටිනාකම අවබෝධ කර ගැනීම සතුටට කරුණකි. එහි හොඳම නිදසුන වන්නේ, 2014 දී අප රජය කාලයේදී ආරම්භ කළ මෙම වරාය පෝට් සිටි ඉඳි කිරීම, 2015 සිට විවිධ හේතූන් නිසා අඩාල වුවද, මන්දගාමී වුවද, විශාල වන්දියක් ගෙවන්නට සිදු වුවද, පසුගිය රජය එම ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කිරීමයි.

අද විපක්ෂයේ සිටින මන්ත්‍රීතුමන් ඒ අවස්ථාවේදී දැක්වූ එම යහපත් ප්‍රතිචාරය නිසා අප රටට ඉදිරියේදී අත්වන්නට නියමිත වාසියේ කොටස්කරුවන් වන්නට එතුමන්ලාටත් අයිතියක් තිබෙනවා. ඒ නිසා, පටු දේශපාලන කෝණවලින් නොබලා, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන්ලා ඒ අවස්ථාවෙන් ඵල නෙළා ගනීවි යයි මා විශ්වාස කරනවා. ඒ අනුව, අද අප රජය ඒ නව නගරය ඉඳිකිරීමට ගන්නා ප්‍රයත්නයට සහයෝගය ලබාදෙමින්, අලුත් උත්තේජනයක් රටට ලබාදීමට අද විපක්ෂයේ සිට වුවත්, ඔබතුමන්ලා සහයෝගය ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා. ඔබ සියලු දෙනාම එසේ කළහොත්, එම පණිවිඩය ජාත්‍යන්තරයට අප ලබාදෙන විශිෂ්ට පණිවිඩයක් බව අමතක කරන්න එපා. එවැනි පණිවිඩයක් තුළින් අපේ රටට ගලා එන ආයෝජන ප්‍රමාණය ඉක්මනින් වැඩි වෙන බව නිසැකවම අපට කියන්නට පුළුවන්‍. එවිට මෙම ව්‍යාපෘතියේ ජයග්‍රහණය අප සියලු දෙනාටම පක්ෂ භේදයකින් තොරව භුක්ති විඳීමට හැකිවනු ඇත.

එසේ නම්, ගරු කථානායකතුමනි, අපේ රටට ආදරය කරන, රටේ ඉදිරි ගමනට ආශිර්වාද කරන, සියලුම මන්ත්‍රීවරුන්ට පක්ෂ භේදයකින් තොරව මෙම පනතට සහය ලබාදෙන ලෙස මා ඉතා ඕනෑකමින් ආරාධනා කරනවා.

 

Post Views: 5
Previous Post

පෝට් සිටි පනත සම්මත නොකරනු – ජවිපෙන් විරෝධතාවයක්

Next Post

ජාතික රණවිරු සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

ජාතික රණවිරු සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved