තම්මැන්නෑව ප්‍රාදේශීය රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් සදහා පවත්වාගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථානය රාජ්‍ය අමාත්‍යශෙහාන් සේමසිංහ මහතාගේ නිරික්ෂණය කෙරිණි.
එහිදී එම රෝහලට අවශ්‍ය අමතර ඇදන් ලබා දීම අද (21) දින සිදු කළේය.
මේත් සමගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට අඩුවක්ව පවතින කොරෝනා රෝගින් සිටින මධ්‍යස්ථාන වන ඉපලෝගම ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 150 ක් , හොරොව්පතාන ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 150 ක් , තන්තිරිමලේ ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 50ක් , කැකිරාව ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 50 ක් , තම්මැන්නාව ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 25ක් , කැබතිගොල්ලෑව ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 25ක් , නොච්චියාගම ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා ඇදන් 50 වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇදන් 500ක් ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් බෙදා දෙනු ලැබුවා.
මෙම අවස්ථාවට මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, තරැණ සේවා සභාවේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර රෑපසේන අතුළු නිලධාරීන්, යෞවන සමාජ ක්‍රියාකාරීන් හා රෝහලේ කාර්‍යාසගමණ්ඩලය එක්වුහ.