27 April 2024
#දේශීය

ලබන අඟහරුවාදා සංචරණ සීමා ලිහින් කරන්න එපා . මරණ අවදානම් ඉහල යයි – සෞඛ්‍ය අංශ

අද රාත්‍රියේ පනවන සංචරණ සීමා එළැඹෙන අඟහරුවාදා ලිහිල් නොකර දිනක 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (21) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදීය. එම හමුවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව සහභාගි විය.

වසංගත රෝග විද්‍යා අංශය සහ රජය, විද්වතුන්ගේ අදහස් ලබාගැනීමට ක්‍රියා නොකළහොත් පවතින තත්ත්වය තවදුරටත් භයානක විය හැකි බව විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළේ, දැනට පවතින තත්ත්වයට එකම විසඳුම දින 14ක් දැඩි සංචරණ නීති ක්‍රියාත්මක කිරීම වන බවයි. එසේම දින තුනක් රට ලොක්ඩවුන් කර මේ වසංගතය පාලනය කල නොහැකි බව ඇය අනාවරණ කලේය. එසේම ඉදිරියේදී සංචරණ නීති ක්‍රියාත්මක වන අවස්ථාවේදී අතරමැද යළි ජනතාවට එලියට යාම තුළින් අලුතින් මෙම වෛරසය බෝවන ප්‍රමාණය ඉහළ යන බව ඇය අවධාරණය කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *