රජයේ ආයතන වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වු බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති රජිව් මැතිව් යසිරු කුරුවිටගේ හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරු අද (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කළාය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරු විසින්”ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවලට සයිබර් ප්‍රහාරයක්” යනුවෙන් අසත්‍ය පුවතක් ලියාපදිංචි නොකර පවත්වාගෙන යන සැකකරුගේ වෙබ් පිටුවේ පළකර ඇතැයි පැවසුවේය.