27 April 2024
#දේශීය

අයහපත් කාලගුණය නිසා පාසල් පෙළ පොත් යළි ලබාදීමේ වැඩසටහනක් – අධ්‍යාපන අමාත්‍යංශය

දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා පාසල් පෙළ පොත් විනාශ වී ගිය දරුවන් සඳහා අලුතින් පෙළ පොත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසූයේ අද (08) වන දින කොළඹ පැවැති මාධ්‍ය අමතමිනි.

එම දරුවන් තම පාසලේ විදුහල්පතිවරයාට දැනුම් දුන් පසු විදුහල්පතිවරයා විසින් කොට්ඨාස සහ කලාප අධ්‍යක්ෂවරුන් මඟින් අධ්‍යාපන අමාත්‍යංශට දැනුම් දෙනුඇති බව ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, 2021 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය, පවතින කොවිඩ් වසංගතය තත්වය නිසා ජුලි මස 31වන දින සිට මසක කාලයක් සඳහා දීර්ඝ කළ බව ද පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *