• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් වසංගතය පාලනයට නිවැරදි පියවර ගන්න – ජාතික ජන බලවේගය

15 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පටු වුවමනාවන්ගෙන් මෙහෙයවෙන කොවිඩ් මැඩලීමේ වැඩපිළිවෙළ වෙනුවට ප්‍රශ්නයට සැබෑ ලෙසම ආමන්ත්‍රණය කරන වැඩපිළිවෙළකට ඒමට දැන්වත් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට කියා සිටින බව ජාතික ජන බලවේගය පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසා සිටියේ වසංගතය මැඩලීමේ අති මූලික වගකීම පැවරෙන්නේ බලයේ සිටින ආණ්ඩුවට බවයි.

ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත නිකුත් කල සම්පුර්ණ නිවේදනය පහත පරිදි වේ.

 

අපිදු ලෝකයේ තවත් බොහෝ රටවල් මෙන් කොවිඩ් වසංගතයේ පළමුවන හා දෙවන රැල්ල පසුකර සිටින දැන් එහි සමාජ ව්‍යාප්තියක් සේ පැතිරී යන තුන්වන රැල්ල වෙතට පා තබා සිටිමු.

මේ වන විට නිල වාර්තාවලට අනුව දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙමින් තිබේ.

තවද, ව්‍යාප්තියට අදාළව සෞඛ්‍ය අංශවල නොනිල වාර්තා අනුව නිල සංඛ්‍යාවන් මෙන් තුන් ගුණයක් පමණ වන ආසාදිතයින් ප්‍රමාණයක් සමාජය තුළ සිටීමට ඉඩ ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනාව ලෝක ව්‍යාප්තිත වසංගතයක් වනු ඇති බවට අනතුරු හඟවමින් වළකාලීමේ ක්‍රියාමාර්ග ගැනීමට ඉහළම ප්‍රමුඛතාව දෙන්නැයිද කල් ඇතිව ගන්නා ආක්‍රමණශීලී පියවර මගින් එය සම්ප්‍රේෂණය වීම වළකාගත හැකිවනු ඇතැයිද සියලුම රටවල් දැනුවත් කළේ 2020 ජනවාරි ආරම්භයේදීමය.

එහෙත් බොහෝ රටවල සේම අපේ පාලකයන්ද ඊට නිසි අවධානය දුන්නේ නැත. ඊට අවශ්‍ය දේශපාලන කැපවීම තිබුණේද නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ “සමහර රටවල දේශපාලන කැපවීමේ මට්ටම හා එම කැපවීම පෙන්නුම් කරන ක්‍රියා අප සැම මුහුණ දෙන තර්ජනයේ මට්ටමට නොගැලපෙන බව ගැන අපි කනස්සල්ලට පත්ව සිටිමු.”යි කියාය.

සෞඛ්‍ය සේවාවේ විශේෂඥයින්, ප්‍රාමාණික බුද්ධිමතුන්, සෞඛ්‍ය වෘත්තීය සංගම් මෙන්ම තවත් විවිධ සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වයන් විසින් යෝජනා රාශියක් ඉදිරිපත් කරනු ලැබ තිබිණ. අපි ජාතික ජන බලවේගය ලෙසද ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග ගණනාවක් යෝජනා කළෙමු. එහෙත් ආණ්ඩුව මේ කිසිවක් සැලකිල්ලට ගත්තේ නැත. ඒ වෙනුවට යම් දුරකට හෝ ප්‍රශස්ත කාර්ය භාරයක් ඉටු කරමින් සිටි හා ඒ වන විට කොවිඩ් මර්දනයෙහිලා යම් පරිචයක් ලබා සිටි වෛද්‍ය විශේෂඥයන් එම කටයුතුවලින් ඉවතලීය. නැතහොත් ඉවත්ව යන තැනට කටයුතු යෙදීය.

මෙහිදී ආණ්ඩුවේ පිළිවෙත වී ඇත්තේ සැබවින්ම කොරෝනා මැඩලීම නොවන බව ආණ්ඩුව එයටදී ඇති අවධාරණයෙන් මැන ගත හැකිය. 2021 සඳහා ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළේ 2019 අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ රුපියල් බිලියන 188.56ටත් අඩු රුපියල් බිලියන 159.48කි. එනම් බිලියන 29ක් අඩුවෙනි. කොරෝනා මැඩලීමට ආණ්ඩුවට සැබෑ වුවමනාවක් නැති බව එයින්ද තහවුරු වේ.

කොරෝනා මැඩලීම ආණ්ඩුවේ විවෘත න්‍යාය පත්‍රයේ අංක එක වශයෙන් තිබුණද සැඟවුණු න්‍යාය පත්‍රයේ එය අංක එකේ ස්ථානය ගත්තේ නැත. ඒ වෙනුවට, ආණ්ඩුවේ හා ආණ්ඩුවේ දේශපාලකයින්ගේද ගජමිතුරු ජාවාරම්කරුවන්ගේද වුවමනා එපාකම් සඳහා එය යම් පාලිත මට්ටමකින් පවත්වා ගෙන යාම ආණ්ඩුවේ වැඩපිළිවෙළ වී තිබෙන බව පැහැදිලිය.

වෛරසයේ සංක්‍රමණ අදියරේ පටන්ම ආණ්ඩුවේ අංක එකේ කාර්යය වූයේ, කොරෝනා මැඩලීම නොව තුනෙන් දෙකක බලයක් සඳහා මැතිවරණයකට යාමය. ඒ සඳහා කොරෝනා මැඩලීමේ ක්‍රියාන්විතය හිතාමතාම අඩු තීව්‍රතා තලයක් තුළ කොටුකර දැමූ අතර විරුද්ධ පාර්ශවීය ක්‍රියාකාරිත්වයන් හා ජනතා මැදිහත්වීම් අඩපණ කිරීමේ හා මැඩලීමේ ආයුධයක් ලෙසද එය යොදා ගත්තේය.

ඊළඟ අදියරේ ආණ්ඩුවේ සැලස්ම වූයේ විරුද්ධ පාර්ශවීය ක්‍රියාකාරිත්වයන්ට හා ජනතා මැදිහත්වීම්වලට ඇති ඉඩකඩ තවදුරටත් අහුරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ජනතා විරෝධී අත්තනෝමතික බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට යළි ගෙන ඒම හා වරාය නගර ව්‍යාපෘතිය වැනි රටේ අනාගතය බිල්ලට දෙන නීති අණපනත් සම්මත කර ගැනීමය.

එළඹෙන අවස්ථාව තුළ කලින් අවස්ථා දෙකටම වඩා මේ සැලස්ම වසංගතය දඩමීමා කර ගන්නා වඩා මර්දනීය එකක් වීමට නියමිත බවක් පෙන්නුම් කරයි. ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබුණද වැඩී යමින් පවතින ආර්ථික ඇතුළු සාර්ව අර්බුදයට ඊට විසඳුම් ඇත්තේ නැත. ඊට සිදුවන්නේ එකී අර්බුදය තවත් තීව්‍ර කිරීමට මඟ පාදන රසායනික පොහොර වහාම තහනම් කිරීම වැනි කිසිදු සැලසුමක් නැති පියවරයන්ට එළඹීම හා අවසානයේ මර්දනයේ මාවත ගැනීම පමණක් බව එන්ට එන්ටම පැහැදිලි වෙමින් තිබේ. මේ තත්ත්වය තුළ කොරෝනා වසංගතයට තවත් කාලයකට සමාජය තුළ පැවතීමට ඉඩ දීමට ආණ්ඩුවට වුවමනා වනු ඇති බව පැහැදිලිය. පාස්කු ප්‍රහාරය තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා ආයුධයක් හා ආශීර්වාදයක් කර ගත්තා සේම සිය බලය දිගටම පවත්වා ගැනීම සඳහා ආණ්ඩුව විසින් කොරෝනා වසංගතය හිඟන්නාගේ තුවාලය කර ගනු ලැබ ඇත.

දැන් මේ වසංගතයේ තුන්වන රැල්ලට ආණ්ඩුවද එහි ප්‍රකාශකයින්ද වගකීම පවරන්නේ ජනතාවටය. මෙහිදී ජනතාව මතද විශාල වගකීමක් පැවරෙන බවද ඇතැමුන් නිරෝධායන ක්‍රමවලට අනුව නොහැසිරෙන බවද ඇත්තය. එහෙත් නිරෝධායන නීති නොතකමින් සංචරණ සීමා දමා තිබෙන තත්ත්වයන් තුළ පවා විශාල වශයෙන් ජනයා පාරවලට හා උද්ඝෝෂණ ආදියට ඇදී එන්නේ නොසැලකිල්ල නිසා නොව එසේ කිරීමට බල කෙරී ඇති නිසාය. එක පැත්තකින් ආණ්ඩුව රට අගුලු දැමුවාට කම්හල් ආදිය පවත්වාගෙන යාමට කම්හල් හා ආයතන හිමියන් දිරි ගන්වයි. එවිට ඔවුන් සේවය කරන්නන් සේවය සඳහා ගෙන්විය යුතුය. අනෙක් අතට සේවකයින් වැඩට නොපැමිණියහොත් ඔවුන්ට ජීවත් වීමේ මාර්ගයක් නැති වේ. වැඩිකොටම ජනයා අවස්ථාව ලද සැණින් නිරෝධායන නීති නොතකා පොදි ගැසෙමින් බඩු භාණ්ඩ ආදිය ගන්න යන්නේ කොරෝනාවට ඉහළින් ඔවුන්ගේ ජීවත්වීම ප්‍රශ්නයක්ව ඇති නිසාය. ආණ්ඩුව ඔවුන්ට ජීවත් වීමේ මාර්ග ප්‍රමාණවත් අයුරින් සලසා දීමට අවශ්‍ය පියවර ගෙන නැත. ආණ්ඩුවේ පියවර ‘හොඳින්ම’ වැඩ කරන්නේ මාධ්‍ය ප්‍රකාශනවල මිස බිමේ නොවේ. අනෙක් අතට ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට නිරෝධයාන නීති බලපාන්නේ නැත. ඔවුන් විසින් ඒවා අමු අමුවේ උල්ලංඝනය කළ හා කරන අවස්ථා එමටය. එමෙන්ම ආණ්ඩුව ගන්නා පියවරවල ස්වභාවය නිසා කොරෝනාවේ ව්‍යාප්තියේ භයානකකම ගැන නිසි දැනුවත් බවක් සමාජගත කෙරී නැත. ආණ්ඩුව හා ආණ්ඩුවේ දේශපාලකයන් හා මාධ්‍ය ප්‍රකාශකයන් මේ සම්බන්ධයෙන් කරන කියන දේ ගැන ජනතා විශ්වාසය බිඳ වැටී ඇත.

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින එන්නත්කරණ වැඩපිළිවෙළද අවුල් ජාලයකි. එය සෞඛ්‍ය සේවකයන් තුළමත් බෙදීම්, ගැටුම් හා වර්ජන පවා ඇති කරන්නට හේතු වන වැඩපිළිවෙළක් බවට පත්ව තිබේ. එන්නත් ලබා ගැනීමේද ලබා ගත් එන්නත් ජනතාවට ලබා දීමේද නිසි ක්‍රමවේදයක් නැත. කියන්නේ එකකි. කරන්නේ තවත් එකකි.

දැන් කොරෝනාවට ඇති එකම පිළියම එන්නත්කරණය ලෙස හුවා දක්වමින් කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ පෙරට වඩා අඩු කර තිබේ. ආසාධිතයන් දිනකට 2500ක සාමාන්‍ය තුළ දෝලනය වෙමින් පවතින්නේ පී.සී.ආර්. පරීක්ෂණ අඩුවී තිබෙන නිසාය යන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් නිරන්තරව නැගෙන හඬකි.

මේ අවුලට ජනතාව බනින්නේ තමාට හා ආණ්ඩුවට යයි ජනාධිපතිවරයා මැසිවිලි කියනවා හැර අවුල ලිහීමට ගන්නා පියවරක් පෙනෙන්නට නැත. කයිවාරු ගැසීම, තමන්ගේ ගජමිතුරු කල්ලියකට වගකීම් පැවරීම, සෙසු සියල්ලන් වසංගතය මැඩලීමේ ක්‍රියාකාරිත්වයෙන් බැහැර කිරීම, තමන්ගේ දේශපාලන හා ආර්ථික වුවමනාවන් හා තම ජාවාරම්කාර ගජමිතුරන්ගේ ආර්ථික වුවමනාවන් සන්තර්පණය කිරීම ආදියෙන් විකෘති වී හා දූෂිත වී ඇති වැඩපිළිවෙළකට කොරෝනා මැඩලීමේ වැඩපිළිවෙළ ලඝු කිරීම හා කොරෝනා මැඩලනු වෙනුවට එය තම තමන්ගේ දේශපාලන හා ආර්ථික වුවමනාවන්ට අනුව කළමනාකරණය කරන්නට යාම ආදිය මගින් සිදුවන එකම දෙය වන්නේ කොරෝනා අර්බුදය තුළ රට බරපතළ ලෙස ගිලී යාමය.

වසංගතය මැඩලීමේ අති මූලික වගකීම පැවරෙන්නේ බලයේ සිටින ආණ්ඩුවටය. මේ ආණ්ඩුව ජනතාවගෙන් බලය ඉල්ලා සිටියේ ජනතාව පෙළන ප්‍රශ්නවලට විසඳුම් සැපයීමේ වගකීම භාර ගන්නා බවට සපථ කරමිනි. ජනතාව කිසිදු බාධාවකින් තොරව ඒ කාර්යය ඉටු කිරීම සඳහා අවශ්‍ය බලය ඇති තරම් ලබාදී තිබේ. එහෙයින් ඒ වගකීම පැහැර නොහැර ජන ජීවිතයට විශාල අන්තරායක් ගෙනවිත් තිබෙන මෙම කොවිඩ් වසංගතය මැඩලීම සඳහා එය විසින් අත්තනෝමතික ලෙස අනුගමනය කරන පටු වුවමනාවන්ගෙන් මෙහෙයවෙන කොවිඩ් මැඩලීමේ වැඩපිළිවෙළ වෙනුවට ප්‍රශ්නයට සැබෑ ලෙසම ආමන්ත්‍රණය කරන වැඩපිළිවෙළකට ඒමට දැන්වත් පියවර ගන්නැයි අපි ආණ්ඩුවට බල කර සිටිමු.

තවද, ක්ෂණික ක්‍රියා මාර්ග ලෙස මෙහි පහත දැක්වෙන යෝජනා කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමට අපි රජයට බල කර සිටිමු.

■ රජය දැනට පවත්වා ගෙන යන “සංචරණ සීමා” තත්ත්වය දිස්ත්‍රික්ක මට්ටමින් සමාලෝචනය කළ යුතුය. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම පවතින තත්ත්වයන් අනුව තවදුරටත් වසංගතය පැතිරී යන ප්‍රදේශ නිශ්චිතව හඳුනාගෙන එම ප්‍රදේශ සඳහා ගත යුතු නිසි පියවර ගැනීමට හැකිවන සේ වසංගතය මැඩලීමේ කාර්යය විමධ්‍යගත කළ යුතුය.
■ දැනට ගොඩ නැගී පවතින දිස්ත්‍රික් සෞඛ්‍ය කණ්ඩායම්වලට දිස්ත්‍රික්කයේ තත්ත්වයන් දිනපතා සමාලෝචනය කරමින් අත්‍යවශ්‍ය තීන්දු ගැනීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේ බලතල ලබා දිය යුතු අතර මධ්‍යම ආයතන ඒවාට අවශ්‍ය සම්පත් හා පහසුකම් සැපයීම, නියාමනය කිරීම, මඟපෙන්වීම හා අවශ්‍ය තැන්හිදී පමණක් මැදිහත් වීම කළ යුතුය.
■ එන්නත්කරණ ක්‍රියාවලිය සැලසුම් සහගතව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් පසු වයස 60ට වැඩි සහ බෝ නොවන නිදන්ගත රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛත්වය දෙන පරිදි අවරෝහණ ක්‍රමවේදයකට අනුව විධිමත් කළ යුතු අතර දැනට සිදුවන මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට පියවර ගත යුතුය. එසේම මහජනතාව සමග සෘජු ලෙස ගැටෙන ප්‍රවාහන වැනි සේවාවල යෙදෙන අය සඳහාද ප්‍රමුඛත්වය ලබාදිය යුතුය.
■ ඉදිරියේදීද වෛරසයේ වෙනත් ප්‍රභේද පැතිරීමට ඉඩ තිබෙන නිසා විශේෂ අවධාරණයකින් යුතුව ඒ ඒ දිස්ත්‍රික්කවල ජන ජීවිතයට බලපාන කරුණු අධ්‍යයනය කර ඉන්ධන, සහල්, එළවළු සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය අග හිඟතාවකින් තොරව බෙදා හැරීමට අවශ්‍ය පියවර ගත යුතු අතර අලෙවි කර ගැනීමේ ක්‍රමයක් නැතිව දුෂ්කරතාවයට පත්ව සිටින ගොවියාගේ, ධීවරයාගේ අස්වනු මිලදී ගැනීමේ හා විධිමත් ලෙස බෙදාහැරීමේ යාන්ත්‍රණයන් ඇති කළ යුතුය.
■ සංචාරකයන් මගින් රට තුළට වෙනත් කොවිඩ් වෛරස ප්‍රභේද ඇතුල් වීම නතර කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගත යුතුය.
■ මෙම පියවර ගන්නා අතරම වසංගතය මැඩලීමට අදාළ තීන්දු තීරණ ගැනීම විශේෂඥ දැනුමැති ප්‍රාමාණිකයන්ගේ කණ්ඩායමකට පවරා රජය ඔවුන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත පමණක් ක්‍රියා කළ යුතු අතර වසංගතය මැඩලීමට සියලු පාර්ශ්ව හා ජනතාව ඝෘජුවම සහභාගි කර ගැනීමේ ක්‍රියාන්විතයකට යා යුතුය.

 

 

The National People’s Force (NPF) says it is urging the government to take immediate steps to address the issue instead of narrow-minded Kovid suppression.

The party said in a statement that the government in power was responsible for curbing the epidemic.

Following is the full text of the statement issued by the National People’s Force to the media.

 

Post Views: 1
Previous Post

එන්නතකරණය අපතේ නොයනවා සංචරණ සීමා නිවැරදිව ක්‍රියාත්මක කරන්න – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

Next Post

සිසු හෙද හෙදියන්, ඖෂධවේදී සහ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

editor

editor

Next Post

සිසු හෙද හෙදියන්, ඖෂධවේදී සහ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved