• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තීන්දු ගන්න සෞඛ්‍ය බලධාරින්ට කොන්දක් නෑ – රවි කුමුදේශ්

1 July 2021
in දේශීය

තීරණ ගැනීමේ නොහැකියාව සහිත සෞඛ්‍ය ප්‍රධානීන්, ගැටලු විසදීමට අපොහොසත් වීම හේතුවෙන් වර්ජන රැසක් ඇතිව තිබෙන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ වෘත්තීමය සෞඛ්‍ය සේවාවන් ට එරෙහිව සිදුකරණු ලබන කෙනෙහිලිකම් සහ බළල් අත් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ මෙහෙයවීමට ඉඩ හැර තිබීමත් හේතුවෙන් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය බරපතල අතෘප්තිකරභාවයකට පත්ව ඇති බවයි. එසේම මේ මොහොතේ ජනතාවගේ පාර්ශවයෙන් වර්ජනය කිරීම බරපතළ වුවද, ඊට සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශය සෘජුවම කිව යුතු බව හෙතෙම පැවසිය.

අද දින හෙද සේවාව වරජනයකට අවතීර්ණ වී ඇති අතර, එම අතෘප්තිකර ස්වභාවය ම පැවතියේ දී පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් තවදුරටත් සාකච්ඡාවෙන් ගැටළු විසදීමට අවස්ථාව ලබාදී ඇති බව කුමුදෙශ් මහතා පැවසිය.

මේ හේතුවෙන් එළඹෙන 06 වෙනිදා සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇති අතර ඊට අදාලව, අදාල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදී, විකිරණ විද්‍යා තාක්ෂණවේදී, විකිරණ චිකිත්සක සහ වෘත්තීය වෘත්තීය චිකිත්සක ඇතුළු සියලු චිකිත්සක ප්‍රතිකාර කරන වෘත්තීයවේදීන් වැඩ වර්ජනයක් ආරම්භ කරන බව කණගාටුවෙන් දැනුම් දෙන බව ඔහු පැවසිය.

ඉල්ලීම් දහ තුනක් ප්‍රමුඛ කර ගනිමින් දියත් වන මෙම වැඩවර්ජනය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පෙනෙන්නට තිබෙන අතර, කාර්ය මණ්ඩලය වර්ජන වෙත පොලඹවන තත්වයක් හමුවේ, ජනාධිපති වරයාගේ හෝ අග්‍රාමාත්‍ය වරයාගේ සෘජු මැදිහත්වීම අවශ්‍ය වන අතර, වර්ජනයට එළඹීමෙන් පසු ජනතාවගේ අපහසුතාවය පිළිබඳව කිඹුල් කඳුළු හෙලීමේ ප්‍රයෝජනයක් නොමැති බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටි.

Post Views: 21
Previous Post

අම්මා තාත්තා වුණත් ළමයින්ගෙන් හම්බ කිරීම සම්පුර්ණයෙන්ම නතර කළ යුතුයි – ඇමැති නිමල්

Next Post

පාර්ලිමේන්තු යන්දෝ නොයම්දෝ සිතන බැසිල් … !

editor

editor

Next Post

පාර්ලිමේන්තු යන්දෝ නොයම්දෝ සිතන බැසිල් ... !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved