• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව තිරසාරත්ව ක්‍රමෝපාය එළිදක්වයි

11 August 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දිය හැකි රටක් බිහිකිරීමට දායක වීමේ ප්‍රතිඥාව මුල්කරගෙන සකස් කරන ලද, DFCC බැංකුවේ 2020 – 2030 තිරසාර සංවර්ධන ක්‍රමෝපායන් පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදි.

2030 වසර වනවිට මෙරට වඩාත්ම තිරසාර සංවර්ධන වැඩකටයුතු භාවිතා කරන බැංකුව බවට පත්වීමේ අරමුණ පෙරදැරිව මෙම තිරසාර සංවර්ධන ක්‍රමෝපායන් පිළියෙල කර තිබේ.

DFCC බැංකුව මෙතෙක් අත්පත් කරගත් ජයග්‍රහණයන් පාදක කරගනිමින් 2030 වසර වෙනුවෙන් සැලසුම් කර ඇති මෙම තිරසාරත්ව ප්‍රතිපත්ති, ක්‍රමෝපාය සහ සැලසුම් එකතුව මගින්, එළඹෙන දශකය තුළ මුළු ලොවටම මුහුණ දීමට සිදුවිය හැකි අනපේක්ෂිත අභියෝග හමුවේ ශක්තිමත් ශ්‍රී ලංකාවක් හා ශ්‍රී ලාංකික ජනතාවක් නිර්මාණය කිරීමේ මෙහෙවරට මුල් තැනක් දී ඇත. එමෙන්ම තිරසාරත්වය තුළින් තම පාර්ශ්වකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීමටද බැංකුව අපේක්ෂා කරයි.

සියලුම පාර්ශ්වකරුවන් සමග අත්වැල් බැඳගනිමින්, තිරසාර ව්‍යාපාර ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම මෙන්ම, වැඩි වගකීම් සහගත අන්තර්ගතයක් ඇති වටිනාකම් බිහිකිරීම DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායේ එක් මූලික ඉලක්කයකි. අහිතකර පාරිසරික හා සමාජයීය බලපෑම් අවම කිරීම සඳහා ස්ථිරසාර විශිෂ්ට ක්‍රමවේදයන් භාවිතයට ගනිමින්, සියලුම පාර්ශ්වකරුවන්ගේ දායකත්වය සහිතව මෙම ක්‍රමෝපාය ක්‍රියාවට නැංවීමට බැංකුව පියවර ගනු ඇත.

ජීවීන්, පෘථිවිය සහ ලාභය යන මූලික පදනම් තුන කෙරෙහි එකවර, එක සමාන අවධානයක් යොමුකරන Triple-Bottom Line (TBL) ආකෘතිය භාවිතයට ගැනීමට DFCC බැංකුව කටයුතු කරන අතර, එමගින් වගකීම් සහගත සහ, සියල්ලන්ට විවෘත වූ ආකාරයකට ව්‍යාපාර කටයුතු වල නිරත වෙමින්, සියලු දෙනා උදෙසා ආර්ථික, පාරිසරික හා සමාජයීය වටිනාකම් නිර්මාණය කිරීමට බැංකුවට හැකියාව ලැබෙනු ඇත.

DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායට ප්‍රධාන අංශ 3 ක් ඇතුළත් වේ. මින් පළමුවැන්න නම් ‘Resilient Business’ යන්නයි. මෙහිදී “පුනර්ජනනීය බලශක්ති” ව්‍යාපාර ඇතුළුව පරිසර හිතකාමී, තිරසාර හා සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන් වලට අත්වැලක් වීම මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, අපනයන ව්‍යාපාර සහ තෝරාගත් අනෙකුත් ක්ෂේත්‍ර වලට විශේෂයෙන් සැකසූ සහනදායී මූල්‍ය පහසුකම් පිරිනැමීම සිදුකෙරේ. බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති, දේශීය හා ජාත්‍යන්තර පාරිසරික හා සමාජයීය රෙගුලාසි වලට අනුකූල බව තහවුරු කරන සහ පාරිසරික සහ සමාජයීය අවදානම් අවම කරන සමාජ හා පාරිසරික කළමනාකරණ පද්ධති ක්‍රියාවට නැංවීමද මීට ඇතුළත් වී ඇත.

දෙවැනි අංශය වන්නේ ‘Impact for Resilience’ යන්නයි. පරිසරයට ඇතිවන බලපෑම අවම කරමින් තම කටයුතු වල කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම මෙහිදී DFCC බැංකුවේ අපේක්ෂාව වේ. 2030 වසර වනවිට කාබන් ශූන්‍යතාව ළඟා කරගැනීමේ ඉලක්කය පෙරදැරිව බැංකුව තම සම්පත් කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමටත්, අපතේ යාම් අවම කරගැනීමටත්, සම්පත් ඵලදායීතාව වර්ධනය කරගැනීමටත් කටයුතු කරනු ඇත.

තුන්වැනි අංශය වන්නේ ‘Resilient Communities’ යන්නයි. මෙහිදී තිරසාර ප්‍රජාවන් නිර්මාණය කිරීමටත්, කාර්ය මණ්ඩලයේ හා ගනුදෙනුකරුවන්ගේ යහපැවැත්ම සහතික කරන තිරසාර සම්ප්‍රදායන් නිර්මාණය කිරීමටත් අපේක්ෂා කෙරේ.

තවද ‘6Es’ (Education, Elderly, Entrepreneurship, Environment, Emergency Relief සහ Exercise) නමින් හඳුන්වන අංශ 6 කෙරෙහිද මෙම තිරසාරත්ව ක්‍රමෝපාය යටතේ විශේෂ අවධානයක් යොමුකර ඇත. ‘සැමට ඉංග්‍රීසි’ අධ්‍යාපන වැඩසටහන, ව්‍යවසායකයන් සඳහා වන ‘DFCC ව්‍යාපාර සහය’ නිපුණතා සංවර්ධන වැඩසටහන, වසංගත රෝග ව්‍යාප්තිය නිසා බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා සංවිධානය කළ ‘DFCC ඩිජිටල් දන්සැල’ සහ කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් දැනටමත් මේ යටතේ සංවිධානය කර ඇති අතර ඉදිරියේදී තවත් වැඩසටහන් රාශියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම තිරසාරත්ව ක්‍රමෝපාය ක්‍රියාවට නැංවීමේදී සහයෝගීත්වය, ඩිජිටල්කරණය, සවිබල ගැන්වීම, නවෝත්පාදනය සහ අන්තර්කරණය යන අංශ කෙරෙහි මූලික අවධානය යොමුකෙරෙනු ඇත.

මෙම තිරසාරත්ව ක්‍රමෝපාය ක්‍රියාවට නැංවීම සඳහා DFCC බැංකුව විධායක තිරසාරත්ව කමිටුවක් පත්කර ඇති අතර, කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සහ 2030 වසර වනවිට අදාළ ඉලක්ක ළඟා කරගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අභ්‍යන්තර කාර්ය සාධක බලකායන් හා කමිටු කිහිපයක්ද පිහිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “DFCC බැංකුවේ නව දීර්ඝකාලීන තිරසාරත්ව ක්‍රමෝපාය හඳුන්වා දීමට හැකිවීමට අපට මහත් සතුටක්. දිගු කාලයක් තිස්සේ අපගේ පාර්ශ්වකරුවන් සමග සමීපව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ මෙම ක්‍රමෝපාය, සියලුම දෙනා වෙනුවෙන් වඩාත් ශක්තිමත් හා තිරසාර අනාගතයක් නිර්මාණය කරන අතරම, තිරසාර බැංකුකරණයේ ප්‍රමුඛයා ලෙස අප සතු ස්ථානය යළි යළිත් තහවුරු කිරීමට ඉවහල් වේවි. මෙම දීර්ඝකාලීන ක්‍රමෝපායට අපගේ ‘Vision 2025’ ක්‍රමෝපායේ අංග මෙන්ම, 2030 වසර සඳහා වන පුළුල් ඉලක්ක මාලාවක්ද ඇතුළත් වන අතර, එහි පරමාර්ථය වන්නේ 2030 වසර වනවිට කාබන්-ශූන්‍ය බැංකුවක් බවට පත්වීමයි. මෙහිදී අන්තර්කරණය සහතික කරමින්, අපගේ සියලුම පාර්ශ්වකරුවන් වෙනුවෙන් ආර්ථික, සමාජයීය හා පාරිසරික වටිනාකම් නිර්මාණය කිරීම සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීමට අප ප්‍රතිඥා දෙනවා. මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය, සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීම සඳහා අප යන ගමනේ වැදගත් පියවරක්.”

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වලට සමානුපාතිකව, ශ්‍රී ලංකාවේද එම ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වීම සඳහා DFCC බැංකුව දරන උත්සාහය මෙම තිරසාරත්ව ක්‍රමෝපාය මගින් මැනැවින් නිරූපණය වේ. තවද DFCC බැංකුව යනු ශ්‍රී ලංකා බැංකු සංගමය සිය තිරසාර බැංකුකරණ වැඩසටහන යටතේ හඳුන්වා දුන් තිරසාර බැංකුකරණ මූලධර්ම 11 සඳහා මුලින්ම අත්සන් තැබූ බැංකු අතරින් එකකි.

පිටපත -PR

Post Views: 9
Previous Post

පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල නියාමන ගැසට්ටුව හෙට – සෞඛ්‍ය ඇමැතිනි

Next Post

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

editor

editor

Next Post

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025

Recent News

ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved