27 April 2024
#දේශීය

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

කොවිඩ් -19 වසංගත තත්ත්වය මත බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා දිසානායක මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඒ අනුව බස්නාහිර පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.08.12 වන දින සිට 2021.08.31 වන දින දක්වා අත්හිටුවා ඇති බවයි. එම කාලය තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර නැවත ලබාගැනීමේ දී 2021.09.30 වන දින දක්වා දඩ මුදල් අය නොකරන බව ද දැනුම් දී ඇත.

www.motortraffice.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්‍රමය යටතේ එම පහසුකම ලබාගත හැකිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *