ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුව එළඹෙන 17 සහ 18 දිනවලදී තවත් වෘත්තීය සමිති කිහිපයක් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ඒ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ වෘත්තීය සමිති සමඟ නැවත සාකච්ඡා කිරීමට ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා පත්කළ කැබිනට් අනු කමිටුව තීරණය කිරිමෙන් අනතුරුවයි.
ඒ අනුව වෘත්තීය සංගම් තුනක් සමඟ අද (13) කැබිනට් අනු කමිටුවේ නියෝජිතයින් සාකච්ඡා පැවැත්වූ අතර එළඹෙන 17 සහ 18 දිනවලදී තවත් වෘත්තීය සමිති කිහිපයක් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
වෘත්තීය සංගම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇතිවන එකගතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
ඉන් අනතුරුව කැබිනට් අනු කමිටුවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.