කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුල වෛද්‍ය අධීක්ෂණය මත රැකබලා ගැනීමේ වැඩපිළිවෙල මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි රෝගීන් රෝහල් ගත කිරීම ප්රමුඛතාවයන් අනුව සිදු කරමින්, වෛරසය ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය මත නිවෙස් තුල රැක බලා ගැනීමේ වැඩසටහනක් පසුගියදා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් පරිදි එම වැඩසටහන මුළු දිවයිනම ආවරණ වන පරිදි වෛද්‍යවරු 1000 කගේ පමණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සංකූලතා නොමැති, වයස අවුරුදු 02 ට වැඩි 65 ට අඩු, අඩු අවධානම්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයන්ට අයත් කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුල වෛද්‍ය අධීක්ෂණය මත රැකබලා ගැනීම මෙන්ම අවධානම් තත්ත්වයේ පසුවන පිරිස් රෝහල්ගත කිරිමට මෙහිදී පියවර ගනු ලැබේ.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් ඔවුනට ලබාදී ඇති මාර්ගෝපදේශ හා නිර්ණායකයන්ට අනුකූලව වෛරසය ආසාදිතව නිවෙස් තුල ප්‍රතිකාර සදහා ලියාපදිංචි කර යොමු කරන රෝගීන්ට පමණක් පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානය (Call Center – 1390) සමග සම්බන්ධ විය හැක. දින 14 ක වෛද්‍ය අධීක්ෂණයෙන් පසු ද දින 07 ක් යන තෙක් රෝගීයාට මෙම සේවාව ලබාගත හැකිවීම ද විශේෂත්වයකි.
ප්‍රාදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් රෝගීයා පරික්ෂා කර නිවසේ රඳවා ප්‍රතිකාර කිරීම හෝ රෝහල් ගත කිරීමට පියවර ගැනිම සිදු කරනු ලබයි. මෙහිදී රෝගියා නිවෙස් තුල ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සදහා තම කැමැත්ත ද පළ කළ යුතුය.